Sponsored

Sponsored

නිරෝගී දිගු කෙස් කළඹකට ලොකු ලුණූ යුෂ

feature-top
බොහෝ කාන්තාවන් නිරෝගී , දිගු කේශ කලාපයක් හිමි කර ගන්නට නෙකරන දෙයක් නැත. ඒ සඳහා විවිධ විටමින් වර්ග භාවිතා කිරීමට පවා ඇතැම් කාන්තාවන් පෙළඹෙන්නේ කේශ කල්‍යාණය පංච කල්‍යාණයන්ගෙන් එකක් වන නිසා ය. දිගු කේශ කලාපයක් හිමි කර ගැනීමට ස්වභාවික පෝෂණ සත්කාරයක් ලෙස ලොකු ලූණූ යුෂ භාවිතා කරන ආකාරය පිළිබඳව අන්තර්ජලයේ පළ කර තිබුණේ මෙලෙස ය.

පළමුව ලොකු ලුණූ ගෙඩියක් ගෙන පොතු හැර ගෙන එය කැබලිවලට කපා බ්ලෙන්ඩරයක දමා යුෂ වශයෙන් ගත යුතු ය. එම යුෂ ගෙන හිසකෙස් මුල් සහ හිස් කබල හොඳින් සම්භාහනය කළ යුතු ය. එලෙස විනාඩි 30- 45 වැනි කාලයක් හිස හොඳින් සම්භාහනය කළ යුතු වේ. ඉන්පසු ෂැම්ෂු වර්ගයක් දමා හිස පිරිසිදු කර ගත යුතු වේ.

මෙම ලුණූ යුෂ මඟින් හිස සම්භාහනය සතියකට දෙවරක් පමණක් සිදු කිරීම සුදුසු බව බටහිර වෛද්‍යවරුන් තම පරීක්ෂණ මඟින් සොයා ගෙන ඇත.

ලුණූ යුෂ මේස හැඳි 1ක් සහ පොල් තෙල් මේස හැඳි 2ක් සහ ඔබ කැමති තෙල් වර්ගයකින් ( හිසකෙස්වලට ගල්වන) බිංදු කිහිපයක් දමා මිශ්‍රීණයක් සකසා ගත යුතු ය.ඉන්පසු මෙම මිශ්‍රිණය ගෙන හිස් කබලෙහි ගල්වා පැයක් හෝ පැය 2ක් පමණ හොඳින් සම්භාහනය කළ යුතු ය. මෙය සිදු කළ යුත්තේ සතියකට එක් වරක් පමණි.

ලුණු යුෂ මේස හැදි 2 කට මී පැණි මේස හැදි 1ක් ‍මිශ්‍ර කිරීමෙන් සාදා ගත් ද්‍රාවණය හිසකෙස්වල ගල්වා විනාඩි 15ක් පමණ තබා ඔබ කැමති ෂැම්පු වර්ගයක් ගල්වා පිරිසිදු කළ යුතු ය. මෙම ක්‍රමය ද සිදු කළ යුත්තේ සතියකට එක් වරක් පමණි.

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.