Sponsored

Sponsored

පරිගණකය ඉදිරිපිට පැය ගණන් ගත කරන ඔබේ ඇසට වැදගත් ව්‍යායාම

feature-top
ඇස්, අපේ සිරුරේ වටිනාම අවයවයක්. ඒකනේ කියන්නේ, ඇස් දෙක වාගේ රැක ගන්නම් කියලා. ඔබ අවදිව සිටින කාලය පුරාවටම ඔබේ ඇස් ක්‍රියාත්මක වෙනවා. මේ නිසාම සමහර අවස්ථාවල ඇස් තෙහෙට්ටුවට පත් වන අවස්ථා ද තිබෙනවා. දීර්ඝ වෙලාවක් රූපවාහිනිය හෝ පරිගණකය ඉදිරිපිට සිටීම ඔබේ ඇස්වලට ඉතාමත් අහිතකරයි. ඒ වගේම දීර්ඝ කාලයක් නොනිදා අවදියෙන් ඉන්නව නම් එවිටත් ඔබේ ඇස් තෙහෙට්ටුවට ලක් වෙනවා. මේ වගේ අවස්ථාවල හොඳම දේ තමයි කෙටි විවේකයක් ගැනීම, ටිකක් නිදාගැනීම. නමුත් සමහර වෙලවට ඔබට නිදහසක් ලබාගත නොහැකි තරම්ම වැඩ අධික නම් ඒ වගේ වෙලාවට සිදු කරන්න පුළුවන් ඉතාමත් පහසු නමුත් ඔබේ ඇස්වලට සහනයක් සපයන ඇස් රැක දෙන සුපිරි ප්‍රතිකාරයක් ගැනයි මේ. මේක පුංචි ව්‍යායාම කිහිපයක්.

ව්‍යායාමය 1
ඔබේ වැලමිට මේසය මත තබා දෑස් අත්ලෙන් වසාගන්න. මිනිත්තු කිහිපයක් අඳුරේ ඇස් පියාගෙන සිටින්න. මෙය ඔබේ ඇස වගේම ඔබේ මනසත් සැහැල්ලු කරන ව්‍යායාමයක්.

ව්‍යායාමය  2
කෙලින් හිටගන්න. හිස හරවන්නේ නැතුව ඇස්වලින් පමණක් ඔබේ වම් අත පැත්ත පැත්ත බලන්න. නැවත දකුණු අත පැත්ත බලන්න. මෙය තුන් වතාවක් පමණ කරන්න. මෙමඟින් ඔබේ ඇසේ මාංශ පේශිවලට නිසි ව්‍යායාමයක් ලැබෙනවා වගේම ඔබේ ඇස්වල ආතතියෙන් ඔබව ආරක්ෂා කරනවා.

ව්‍යායාමය  3
කෙලින් හිටගන්න. කලින් වතාවේ වම දකුණ බැලුවා වගේ දැන් ඉහළ පහළ බලමින් ව්‍යායාමය සිදු කරන්න.

ව්‍යායාමය  4
කෙලින් හිටගන්න. ඔබේ ඇස් පමණක් හරවා ඔබේ දකුණු පස පහළ බලන්න. ඔබට පෙනෙන වස්තුවට අවධානය යොමු කරන්න. නැවත ඉදිරිය බලන්න. දැන් වම් පස පහළ බලන්න. ඔබට පෙනෙන දෙයට අවධානය යොමු කරන්න. මෙය කිහිප වතාවක් සිදු කරන්න.

ව්‍යායාමය 5
කෙලින් හිටගෙන සන්සුන් වෙන්න. දැන් ඉදිරිය බලන්න. ඔබේ ඇස් ක්‍රමයෙන් දකුණේ සිට රවුම් ආකාරයට කරකවන්න. නැවත වමේ සිට දකුණට කරන්න. මෙයාකාරයෙන් මෙම ව්‍යායාමය තුන් වතාවක් සිදු කරන්න.

 ව්‍යායාමය 6
කෙලින් හිටගෙන් පැන්සලක් හෝ පෑනක් අතට ගන්න. එය ඔබේ ඇස් ඉදිරියෙන් නාභිගත කරන්න. දැන් මුලින්ම පැන්සල දෙස බලන්න. ඉන්පසුව ඉන් ඉදිරියේ තරමක් දුරින් ඇති වස්තුවක් දෙස බලන්න. නැවත පැන්සල දෙස බලන්න. මෙලෙස මාරුවෙන් මාරුවට තුන් වතාවක් පමණ මෙම ව්‍යායාමයේ නියැලෙන්න.

ව්‍යායාමය 7
කෙලින් හිටගන්න. ඔබේ ඇහි බැම අතරට අවධානය යොමු කරන්න. තප්පර කිහිපයක් ඉන්න. දැන් ඉදිරිය බලන්න. නැවත පෙර පරිදිම ඇහි බැම මැදට ඇස යොමන්න. නැවත ඉදිරිය බලන්න. මෙය කිහිප වතාවක් කරන්න.

ව්‍යායාමය 8
පුටුවක කෙලින් ඉඳගන්න. ඔබේ නාසයේ අග දෙස බලන්න. දැන් නැවතත් ඉදිරිය බලන්න. නැවත නාසය දෙස බලන්න. මෙම ව්‍යායාමය 5 වතාවක් පමණ සිදු කරන්න.

ව්‍යායාමය 9
ඔබේ ඇස් තදින් වසන්න. තප්පර කිහිපයක් එසේ හිඳ ඇස් අරින්න. නැවත තදින් වසන්න. මෙය කිහිප වතාවක් කරන්න. පරිඝණක නිතර භාවිතා කරන අය දවසට කිහිපවතාවක් මේ ව්‍යායාමය කිරීම ඇස් රුක ගැනීමට හොඳම ප්‍රතිකර්මයයි.

(under the courtesy of hirutv.lk blog web)

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.