Sponsored

Sponsored

සති අන්තය රස ගන්වන රස ආහාරයක්

feature-top
විවේක සති අන්තය ඔබේ පවුලේ ආදරණීයයන් සමඟින් ගත කරන අතරේ, එය තවත් රසවත් කරගන්නට රසවත් ආහාරයක් එක් කරගන්න පුළුවන් නම් එය තවත් අගෙයි නේද ?

මෑෂ්ඩ් පොටටෝස් සමග චිකන් ස්ටේක්

අවශ්‍ය ද්‍රව්‍ය:

    අර්තාපල් අල ග්රෑම් 500
    එළකිරි
    බටර් මේස හැන්දක්
    ෆ්‍රෙෂ් ක්‍රීම්

අල පොතු හැර කැබලි වලට කපා බඳුනකට දමන්න. එය වැසෙන තෙක් එලකිරිද බටර් මේස හැන්දක්ද එක් කර තම්බාගන්න.

තැම්බුණු පසු අල කැබලි පොඩි කර ඊට ෆ්‍රෙෂ් ක්‍රීම් මේස හැඳි 3 හා අවශ්‍ය තරමට ලුණු එක්කර ගන්න.

චිකන් ස්ටේක්

අවශ්‍ය ද්‍රව්‍ය:

    කුකුළු මස් ග්‍රෑම් 250
    පොල්තෙල් මේස හැන්දක්
    ඉඟුරු මේස හැන්දක්
    සුදු ළුණු මේස හැන්දක්

සාදන ක්‍රමය:

අඟල් දෙකක් පමණ ඝන ග්‍රෑම් 250 ක පමණ කුකුළු මස් කැබැල්ලක් ගන්න. එය සෝදා ලුණු ගම්මිරිස් තවරන්න.

තෙල් මේස හැන්දක් ලිප තබා ඊට ඉඟුරු , සුදු ළුණු දමා ඒවා මස් කැබලි වල එතෙන තෙක් බැදගන්න.

රස්නය පිටින්ම සෙ.අ.180 උෂ්ණත්වයේ අවන් එකක දමා බේක්  කරගන්න.

සෝස්

අවශ්‍ය ද්‍රව්‍ය:

    සුදු ළුණු මේස හැන්දක්
    ලුණු බටර් ස්වල්පයක්
    දුඹුරු සීනි මේස හැඳි 1
    විනාකිරි ටිකක්
    තක්කාලි සෝස්

සාදන ක්‍රමය:

බටර් ස්වල්පයක් ලිප තබා සුදු ළුණු හා ළුණු එහි බැදෙන්න හරින්න.

දුඹුරු සීනි මේස හැන්දක් එක්කර රත්වෙන විට වතුර මේස හැඳි 2 එක්කර ගන්න.

දියවෙන විට තක්කාලි සෝස් හැඳි 3 විනාකිරි ස්වල්පයක් හා ලුණු එක්කර කලවම් කරගන්න.

පිඟානක් මත චිකන් ස්ටේක් තබා එහිම පසෙකින් මෑෂඩ් පොටටෝස් සහ සෝස් දමා පිළිගන්වන්න.

(under the courtesy of smartlady.lk web)

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.