Sponsored

Sponsored

රාත්‍රී ආහාරයට ප්‍රණීත ස්පැනිෂ් ඔම්ලට් හදමු

feature-top
සාම්ප්‍රදායික ස්පාඤ්ඤ ආහාර ක්‍රමයට අයත් ආහාරයක් වන ස්පැනිෂ් ඔම්ලට් නැතිනම් ටොර්ටියස් ස්පැනියෝලා (tortilla Española) ලොව පුරා ඉතාමත් ජනප්‍රිය ආහාරයකි. රසවත් මෙන්ම ගුණවත් මෙම ඔම්ලට් එක ඉතාමත් පහසුවෙන් සකසා ගත හැක.

අවශ්‍ය ද්‍රව්‍ය –

    බිත්තර 05
    අල ගරෑම් 250
    ලොකු බී ළූණු ගෙඩි 1
    ඔලිව් තෙල්/ බටර් 3
    රස අනුව ලුණු සහ ගම්මිරිස්

සාදන අයුරු –

අල සහ ළූණු සිහින්ව පෙති කපාගෙන. පෑන් එකක් මද ගින්දරේ ලිප තබා තෙල් ටිකක් එක් කර, රත් වූ පසු අල සහ ළූණු එක් කරගන්න. බිත්තර ලුණු සහ ගම්මිරිස් එකතුකර මද වෙලාවක් ගසාගන්න. අල සහ ළූණු හොඳින් තැම්බුණු පසු ගසාගත් බිත්තර ටික එකතු කරගන්න. යට පැත්ත සහ වටේ හොඳින් බැදුණු පසු පිඟානක් මත තබා ඔම්ලට් එක අනිත් පැත්ත හරවා ගෙන (upside down) නැවත බැදෙන්නට හරින්න.

කැරට්, බෙල් පෙපර්, මාලු මිරිස්, තක්කාලි, අමු මිරිස්, කොත්තමල්ලී කොළ, පාස්ලි, උම්බලකඩ, චීස්, බේකන්, හැම්, ඉස්සන් වැනි ඕනෑම දෙයක් මෙම ඔම්ලට් එකට එක් කර ගත හැකියි. රාත්‍රී මෙන්ම උදැසන ආහාර වේලට මෙන්ම පොඩි බඩගිනි නිවන්නටත් කදිම ස්පැනිෂ් ඔම්ලට් උණුවෙන් මෙන්ම ශීතකර ද ආහාරයට එක් කර ගත හැකියි. පැස්ටා, නූඩ්ල්ස්, පාන්, බත් වැනි ආහාර සමඟ වූවද ආහාරයට ගත හැකි මෙම ප්‍රණීත ඔම්ලට් එක හදල බලන්න අමතක කරන්න එපා.

(under the courtesy of smartlady.lk web)

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.