Sponsored

Sponsored

කන්න කන්න ආස හිතෙන චිකන් ඇන්ඩ් පයිනැපල් කෝල්ස්ලෝ සැලඩ්

feature-top
රසයෙන් සහ ගුණයෙන් අනූන කෝස්ලෝ සැලඩ් ඉතාමත් ජනප්‍රිය සලාද වර්ගයක්. මෙහි විවිධ ප්‍රභේද දක්නට ලැබෙනවා. මේ එවන් රසවත් ප්‍රභේදයක් –

අවශ්‍ය ද්‍රව්‍ය:

    ලුණු ගම්මිරිස් යොදා තම්බා ගත් චිකන් බ්‍රෙස්ට් කොටස් 1
    අන්නාසි කැබැල්ලක්
    කැරට් අලයක්
    ගෝවා කොල කිහිපයක්
    බී ළූණු ගෙඩියක්
    මෙයෝනීස් සෝස් ස්වල්පයක්
    දෙහි යුෂ ස්වල්පයක්
    දුඹුරු සීනි ඉතා ස්වල්පයක්
    ගමිමිරිස්
    රස අනුව ලුණු

සාදන අයුරු:

ගෝවා, බී ළූණු සහ කැරට් ඉතාමත් සිහින්ව චොප් කර ගන්න. අන්නාසි කැබැල්ල කැට ලෙස කපා ගන්න. චිකන් කැබැල්ලත් සිහින්ව ඉරාගන්න. මෙයෝනීස් සෝස් එකට දුඹුරු සීනි, දෙහි, ගම්මිරිස් සහ ලුණු එකකර හොදින් මිශ්‍ර කර ගන්න. සකසා ගත් සැලඩ් ඩ්‍රසිං එකට චිකන් හා අන්නාසි කැබලි සහ කපාගත් එළවළු එකතු කර හොදින් මිශ්‍ර කර ගෙන පැය බාගයක් පමණ ශීතකරණයේ තබා පිළිගන්වන්න.

සැල්දරි හෝ කොත්තමල්ලි ස්වල්පයක් ද කැමති නම් එකතු කරගන්න පුළුවන්. අබ කුඩු ස්වල්පයක් එක් කර ගැනීමෙන් රස වැඩි කර ගත හැකියි. මෙයෝනීස් සෝස් රසයට අකමැති නම් කිරි, යෝගට් හෝ මුදවපු කිරි එක් කර ගත හැකිය.

චපාති, පරාට, බිරියානි, බත් වැනි ඕනෑම ආහාරයක සමඟ මෙම සලාදය සමඟ පිළිගැන්විය හැකිය. ඉතා රසවත් ගුණවත් සලාදයක් වන මෙය තනි අහාරයක් ලෙසත් පිළිගන්වන්නට හැකි නිසා දුර ගමනක් යන විට රැගෙන යන්න ඉතා සුදුසුයි.

(under the courtesy of smartlady.lk web)

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.