Sponsored

Sponsored

මාළු ඔළු කරිය

feature-top
අවශ්‍ය ද්‍රව්‍ය
කිලෝග්‍රෑම් එකක් පමණ බර පරා මාළු ඔළුවක්
කරපිංචා කිනිත්තක්
ලොකු ලූනු ගෙඩියක්
තක්කාලි ග්‍රෑම් 100ක්
අමුමිරිස් කරල් 2යි
තෙල් මේස හැඳි 3ක්
අඹරාගත් ඉඟුරු සුදුලූනු මේස හැඳි 1
මිරිස් කුඩු මේස හැඳි 2
ගොරකා ඉති 2ක්
තුනපහ කුඩු මේස හැඳි 2
කහකුඩු තේ හැඳි 1/2
ලුණු රසට අනුව
ගම්මිරිස් කුඩු ස්වල්පයක්
මුරුංගා කොළ ඉති 2ක්

සාදන ආකාරය
කරමල් ගලවා මාළු ඔළුව තරමක ලොකු කැබැලි වලට කපා හොඳින් පිලී ඉවත්ව යන ලෙස දෙහි මිශ්‍ර වතුරෙන් සෝදා ගන්න. දැන් තක්කාලි ටික බ්ලෙන්ඩර් කර ගන්න. ලූනු, සිහින්ව කපා ගන්න. අමුමිරිස් ද දිගු අතට කැබැලි කපා ගන්න. දැන් තෙල් ටික ළිප තබා රත්වන විට අඹරාගත් ඉඟුරු, සුදුලූනු දමන්න. දැන් ලූනු, කරපිංචා, අමුමිරිස් දමන්න. තක්කාලි පේස්ට් එක සහ තුනපහ වර්ගද දමා ගන්න. දැන් මාළු ඔළු කැබැලි එකතු කර අවශ්‍ය තරමට වතුර ටිකක් එකතු කර හොඳින් තැම්බෙන්නට හරින්න. ළිපෙන් බෑමට ආසන්නයේදී සෝදා දිය බේරාගත් මුරුංගා කොළ ටික දමා කලවම් කර උණුවෙන්ම කෑමට ගන්න

උපුටා ගැනීම ලක්බිම පුවත් පත ඇසුරෙනි

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.