Sponsored

Sponsored

තවත් දැවැන්තයෙකුගේ අවසානයක්ද? වැව් ඉස්මත්තේ අලි ගැටුම් තවත් දරුණු වෙයි - Video




කලාවැව සහ බළලු වැව ආසන්නයේ ගැවසෙන වන අලින් අතර මේ දිනවල බරපතල ගැටුම් පවතින බව අප වාර්තාකරුවන් පවසනවා.

උදෑසන මෙන්ම දහවල් කාලයේදීත් අලින් අතර මෙම ගැටුම් පවතින බවටයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.


මේ දිනවල අලින් මද කිපෙන කාලය බැවින් වෙනත් වසරවලට සාපේක්ෂව මෙවර අලින් අතර ගැටුම් වැඩි බව ද සඳහන්.

කලා වැවේ සිටින "ඇසළ" නම් ඇතා තවත් අලි දෙදෙනෙකු සමග දින කිහිපයක සිට ගැටුමක් ඇතිකරගෙන ඇති අතර "රේවත" නමින් හඳුන්වන ඇතා ද තවත් ඇතෙක් සමග ගැටුමක් ඇතිකරගෙන තිබෙනවා.

එමෙන්ම පසුගිය දිනවල තම දළවලින් ඇන අලියෙකු ඝාතනය කළ "දීඝජන්තු 2" ඇතා මේ දිනවල කලාවැව ආසන්නයේ දක්නට නොමැති බවයි අප වාර්තාකරු කියාසිටියේ.

මේ අතර ගැටුම්වලට මැදි නොවී කුඩා අලි පැටවුන් බේරා ගැනීමට මව් ඇතින්නියන් දැඩි වෙහෙසක් දරන ආකාරය මෙන්ම කුඩා පැටවුන් ගැටුම්වලින් ඉවත් කිරීමට උත්සාහ ගන්නා ආකාරය ද දක්නට ලැබෙනවා.

වනජීවී නිලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ දිනවල කලා වැව සහ බළලු වැව ඉස්මත්තේ නිකරුනේ ගැවසීමෙන් වළකින ලෙසටයි.

එමෙන්ම ගවයන් සහ එළුවන් වැවට මුදාහැරීමට සහ දර සෙවීමට ගමන් නොකරන ලෙසට ද ඔවුන් ඉල්ලා සිටිනවා.

වන අලින් මේ දිනවල දැඩි කෝපයෙන් පසුවීම හේතුවෙන් අනතුරුවලට මුහුණදිය හැකි බවයි වනජීවී නිලධාරීන් අවධාරණය කරන්නේ.


(under the courtesy of http://gossip.hirufm.lk)
Marcadores:

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.