Sponsored

Sponsored

සෙම්ප්‍රතිශ්‍යාවෙන් වළකින්න විටමින් සී ආහාර කන්න

feature-top
මේ දිනවල පවතින වැසි සමයත් සමඟම, සෙම් රෝගවලින් ද අඩුවක් නැත. සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස ආදී නානාවිධ සෙම් රෝගවලින් ගැලවීමට, විටමින් සී හොඳ ඖෂධයකි‍. ප්‍රතිශක්තීකරණ පද්ධතිය ද මේ මඟින් ශක්තිමත් වේ. බොහෝ දෙනා දන්නේ, විටමින් සී අඩංගු ආහාර යනු දෙහි පවුලට අයත් වර්ග පමණක් ය කියා ය. විටමින් සී අඩංගු ආහාර වර්ග රැසකි. මේ ඉන් කිහිපයකි.

ගෝවා

ගෝවාවල විටමින් සී හා කේ මෙන් ම, ෆොලේට්, ඛණිජ, තන්තු හා ප්‍රතිඔක්සිකාරක අඩංගු ය. අධ්‍යයන මගින් හෙළි වී ඇත්තේ, ගෝවා මඟින් කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීම හා පිළිකා හා දියවැඩියා අවදානම පහත හෙළන බව ය.

රතු බෙල් පෙපර්

මෙහි විටමින් සී අඩංගු වන අතර, සීනි අවම ප්‍රමාණයක් අඩංගු වේ. එහෙත්, මේවා පිසීමේදී විටමින් සී විනාශ වේ. එනිසා, බෙල් පෙපර් අමුවෙන් ආහාරයට ගැනීම වැදගත් ය.

කැරට්

කැරට්වල බීටා කැරොටීන්, මැග්නීසියම් හා තන්තු මෙන් ම, විටමින් සී ද අඩංගු ය. මේ සියල්ලම ඔබගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කරවයි. එමඟින්, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝගවලින් ඔබ මුදවයි.

අන්නාසි

අන්නාසි යනු විටමින් සී ලබාදෙන සුපිරි ආහාරයකි. මෙහි අන්තර්ගත එන්සයිම, ජීරණයට සහය වී, බඩ පිපුම වළකාලයි. අන්නාසිවල වැඩි ජල ප්‍රමාණයක් අන්තර්ගත වේ. අවශ්‍ය ප්‍රමාණයෙන් අන්නාසි ආහාරයට ගැනීම වැදගත් ය. නැතිනම්, මේවායේ ඇති වැඩි සීනි ප්‍රමාණය නිසා, දියවැඩියාව වැළඳිය හැකි ය.

බෙරි වර්ග

සියලු ම බෙරි වර්ගවල විටමින් සී ඇත. මේවායේ අඩු සීනි ප්‍රමාණයක් අන්තර්ගත වන නිසා, සෞඛ්‍යයට හිතකර ය. හෘදයට, ජීරණ පද්ධතියට, ප්‍රතිශක්තීකරණ පද්ධතියට හා මොළයට මේවා වැදගත් ය.

චෙරි

දිනපතා චෙරි ආහාරයට ගැනීම, ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කරවයි. සුවදායී නින්දක් ද ලබා දේ.

රාබු

වැඩිදෙනෙක් අකමැති වුවත්, රාබුවල විටමින් සී අඩංගුව ඇත. මෙහි අඩු කාබෝහයිඩ්‍රේට ප්‍රමාණයක අන්තර්ගත වේ.


උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.