
ආධුනික පුහුණුව පිළිබඳ දැන ගැනීමට ක්ෂණික ඇමතුම් අංකයක්
හඳුන්වාදීමට ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරිය තීරණය කර තිබෙනවා.
ඒ අනුව 1951 අංකය ඇමතීමෙන් එම තොරතුරු ලබා ගත හැකියි. ඕනෑම ස්ථාවර හෝ
ජංගම දුරකතනයකින් සතියේ දිනවලදී ඊට සම්බන්ධ විය හැකි බවටයි ප‍්‍රකාශ
කෙරුණේ.
ඉදිකිරීම්, සෞඛ්‍ය, මෝටර් කාර්මික, හෝටල්
සහ සංචාරක යන ක්ෂේත‍්‍රයන් සඳහා නිපුණ ශිල්පීන් 25,000ක් කර්මාන්ත ගත
ආධුනිකත්ව පුහුණුව යටතේ බඳවා ගැනීමට සැලසුම් කර තිබෙනවා. එම ජාතික වැඩසටහනට
සමාගාමීව එම අංකය හඳුන්වා දෙන බවයි ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු
අධිකාරිය කියා සිටියේ.
(under the courtesy of nethnews.lk news web)
Post a Comment