Sponsored

Sponsored

එතෙරදී මියගිය තැනැත්තාගේ දේහය මෙරටට ගේන්නේ කොහොමද?

ප‍්‍රශ්නය :
රැකියාවක් සදහා විදේශ ගතවූ පුද්ගලයෙකු එම රටේදී මියගිය අවස්ථාවේදී එම පුද්ගලයාගේ දේහය මෙරටට ගෙන්වා ගැනීම සම්භන්ධව ගත යුතු පියවර මොනවාද?


පිළිතුර :
මරණය පිළිබදව දැනගත් වහාම ඔබ ශී‍්‍ර ලංකාවේ සිටින්නේ නම් විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය හෝ විදේශ සේවා නියුක්ති කාර්යාංශය අමතා අදාල කරුණේ සත්‍යතාවය තහවුරු කර ගත යුතුය. විදේශ රටක සිටින්නේ නම් ළඟම පිහිටි ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලය, කොන්සල් කාර්යාලය හෝ නිර්වේතනික කොන්සල් කාර්යාලය වෙත දැන්විය යුතුය.
අදාල මෘත දේහය ලංකාවට ගෙන්වා ගැනීම සදහා හෝ අදාල රටේදී භූමිදානය/ආදාහනය කිරීමේ කටයුතු කිරීම සදහා පහත සදහන් ලේඛණ තොරතුරු සමග කොන්සියුලර් අංශයෙහි අදාල විෂය භාර මාණ්ඩලික නිළධාරියා වෙත පැමිණිය යුතුය.

    මියගිය පුද්ගලයා හා තමන්ගේ ඥාතීත්වය තහවුරු කිරීම සදහා අදාල උප්පැන්න/විවාහ සහතික පිටපත්
    මියගිය පුද්ගලයාගේ විදේශ ගමන් බලපත‍්‍රයේ පිටපත්
    මියගිය පුද්ගලයාගේ විදේශයේ සිටින රැකියා අනුග‍්‍රාහකයාගේ නම හා ලිපිනය
    ඔහු සේවය කල ස්ථානයේ සේව්‍යයාගේ නම හා ලිපිනය (ඔබ දන්නේ නම් පමණයක්)

මරණයක් සම්භන්ධව කොන්සියුලර් අංශය වෙත වාර්තා කරන විට එම අංශයේ ඇති පැමිණිලි පෝරමයක් මගින් දැන්විය යුතුය. අදාල පැමිණිලි පෝරමයෙහි පිටපතක් අන්තර්ජලයෙහි විදේශ කටයුතු අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.
මෙහිදී මරණය සිදුවූ විදේශ ස්ථානයක හා ළඟම ඥාතීන් පිළිබදව නිවැරදි තොරතුරු සැපයිය යුතුය.

ඥාතීන් සම්භන්ධ කරගත හැකි නිවැරදි දුරකථන අංකද සැපයිය යුතුය. මෘත දේහය මෙරටට ගෙන්වන්නේද විදේශ රටෙහි භූමිදානය කරන්නේද/අදාහනය කරන්නේද යන්න දිවුරුම් ප‍්‍රකාශයක් මගින් කොන්සියුලර් අංශය වෙත දැන්විය යුතුය. ළඟම ඥාතියාගේ අභිමතය පරිදි ගුවන් තොටුපලේදී අදාල මෘත දේහය භාර ගැනීමට පුද්ගලයෙකු නම් කල යුතුය.

පසුව අදාල ගුවන් සමාගම විසින් අදාල විදේශ රටෙහි ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලය මගින් හෝ කොන්සියුලර් අංශය විසින් මෘත දේහය රැගත් ගුවන් යානය ශී‍්‍ර ලංකාව වෙත ළඟ වන දිනය හා වේලාව ගැන ඔබව දැනුවත් කරනු ඇත.

ඒ අනුව මියගිය පුද්ගලයාගේ ළඟම ඥාතියා ගුවන් තොටුපලේදී මෘත දේහය භාර ගැනීම සදහා නම්කල පුද්ගලයා විසින් තමන්ගේ අනන්‍යතාවය තහවුරු කිරීමෙන් පසුව මෘත දේහය භාරගත හැක.

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.