Sponsored

Sponsored

“අහගත්තද? ඇතිද ඔයාට?” – ඉසුරගෙන් මාධ්‍යට තරවටුවක් (Video)

feature-top
බස්නාහිර පළාත් සභාවේ නව සභා ගර්භයේ ප්‍රධාන දොරටුව කැටයම් යොදා ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 150 ක මුදලක් වැය කර ඇති බවට ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතාට චෝදනා එල්ල විය.

එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් ප්‍රධාන අමාත්‍යවරයා ඊයේ පැවති උත්සවයකදී පැවසුවේ කෝට්ටේ රාජධානි සමය සිහිපත් කිරිම සඳහා මෙවැනි දොරටුවක් ඉදිකළ බවයි.

මේ අතර, බස්නාහිර පළාත් සභා නව ගොඩනැගිල්ල ඉදිකිරීමේදී එල්ල වූ තවත් චෝදනා සම්බන්ධයෙන් ද ප්‍රධාන අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළේය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“මම ඉතින් කණගාටු වෙනවා අපේ විද්‍යුත් මාධ්‍ය පිළිබඳව, පුවත්පත් කරවන අය ගැන මොකද දැන් මම මේ ලගදි දැක්කා පත්තරේක තියෙනවා පළාත් සභාවේ තවත් ගැහිල්ලක්.අර ක්‍රියේටිව් පැනල් එක. පළාත් සභාවේ කාරක සභාවට ඒ වගේ පැනල් එකක් හයි කළාම මගෙන් මාධ්‍යයක් අහනවා ඔයාගේ කාමරේ අඟල් 100ක tv එකක් තියෙනවද කියලා. මම කිව්වා tv එකක් නම් හයි කරලා තියෙන්නේ අඟල් ගාන නම් මට මතක නැහැ කියලා. මාධ්‍යට පුලුවන්ද තාක්ෂණය නැතුව යන්න? තාක්ෂණය ගන්න එක අපි වැරදිද? කෝටි එක හමාරක දොරවල් හයි කරාද කියන්න මම නම් දන්නේ නැහැ. මට ඕනේ වුණා කෝට්ටේ ඉතිහාසය පිළිබඳව අධ්‍යනයක් ලබන්න අපේ දරුවන්ට ඒ කැටයම්, ඒ නිර්මාණය, ඒ සිතුවම්, ඒ කොඩි ඒවත් දැනගන්න තැනක් තියෙන්නේ ඕනේ. ඒකට තියෙන හොඳම තැන තමයි මම හිතුවේ බස්නාහිර පළාතේ තියෙන පළාත් සභාව. ඉතින් මම ඒක හදලා තියෙනවා. මම එකක් කියන්න ඕනේ මේ මීඩියාවලට අපේ අය එක්ක වෙච්ච වැරැද්ද මේ සභාව ශාලාව හදනකොට මේ කාරක සභාව කිව්වා පාර්ලිමේන්තුවට සමාන සවිකර තිබුණ පුටුවක් ගේන්න කියලා. මම දැනගෙන හිටියා නම් මම දෙන්නේ නැහැ. ලක්ෂ්මන් නිපුනාරච්චිට ප්‍රශ්නයක් තියෙනවා. දැන් ජේ.වී.පී එකට විකල්පයක් නෑ. දැන් ඉතින් එකින් එක එකින් එක ගැන බොරු news දෙන එක තමයි කරන්නේ. මේක තමයි ඇත්ත කතාව. අහගත්තද? ඇතිද ඔයාට?”

එම වීඩියෝව පහතින්,

(under the courtesy of lankaleadnews.com web)

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.