Sponsored

Sponsored

ඕලුට තවත් ඕලු මලක්

feature-top
අදටත් අහම්බෙන් හෝ ඇයව දකින අය ඇය අමතන්නේ ඕලු” කියලයි ඕලු ටෙලි නාට්‍යයේ “ඕලු” විදියට රටේම ආදරය දිනාගත් ඇගේ සැබෑ නම මංජුලා කුමාරි කාලයක් කාර්යබහුල නිළියක් වූ මංජුලා විවාහයත් සමග රංගන ජීවිතයට යම් යම් සීමා පනවාගත්තා. ඊට කාලයකට පසුව මංජුලා මව් පදවිය ලැබුවා. හැමදාමත් “රිද්ම” සමග සුහද ගණුදෙනුවක යෙදුණු  මේ සුන්දර නිළිය ඒ සුභාරංචිය හා හා පුරා පැවසුවේත් අපටයි. ඒ මීට වසර තුනකට කලින්. ඔන්න ආයෙත් ඇගේ කැදැල්‍ලේ පුංචි ඕලු මලක් පිපිලා. ඒ ආරංචියත් මංජුලා හා හා පුරා කිව්වේ “රිද්ම” අපිටයි.

තමන් දෙවැනි වතාවටත් මව් පදවිය ලැබූ බව එහෙනම් අපි රටටම කියමු නේද?

කියමු කියමු. ජුලි මාසේ මුල මගේ දෙවැනි දරුවා ඉපදුනා.

දෙවැනි දරුවා දුවෙක්ද පුතෙක්ද?

දියණියක්.

මොකක්ද පුංචි දූගේ නම?

බිනෝලි එහංසා

මංජුලයි ඔයාගේ සැමියයි අපේක්ෂාවෙන් හිටියේ දුවෙක්ද පුතෙක්ද?

එහෙම විශේෂත්වයක් තිබුණේ නෑ. දුවෙක් ලැබුණත් පුතෙක් ලැබුණත් සතුටින් බාර ගන්න තමයි අපි දෙන්නම සිහින මැව්වේ. ඒත් දුවෙක් ලැබුණ එක ගැන සතුටුයි. දැන් පුතෙකුයි දුවෙකුයි දෙන්නෙක්ම අපිට ඉන්නවානේ.


එතකොට දැන් ඔබට රාජකාරි වැඩි ඇති?

දුවගේ වැඩ කටයුතු හින්දා මේ දවස්වල ටිකක් වැඩිපුර ඒ වෙනුවෙන් කාලය වැය කරන්න සිදුවනවා. දුව කැමතියි අතටම වෙලා ඉන්න.

නංගිට වැඩි ආදරයක් ලැබෙද්දී අයියාගේ හිතේ පුංචියට හරි ඊර්ෂ්‍යාවක් ඇති වුණොත්?

(හිනැහි) පුතාගේ පුංචි පුංචි දඟ වැඩ නම් තියෙනවා. ඒත් නංගිට ආදරෙයි. අනික මම පුතා ගැන තිබුණු අවධානය අඩු කරලා නැහැ. එයාට ආදරේ බව අඟවන්න තමයි නිතරම උත්සාහ කරන්නේ. එයාට තවම අවුරුදු තුනයිනේ. හිතට පුංචි හරි දුකක් ඇති වුණොත් ඒක හොඳ නැහැනෙ.

දරුවෝ දෙන්නෙක්ම බලාගන්න කවුද මංජුලාට උදව් කරන්නේ?

මගේ අම්මයි ආච්චියි දෙන්නත් මේ දවස්වල ඉන්නේ අපේ ගෙදර. ඒ හින්දා මට ලොකු සහයක් ලැබෙනවා.

ටෙලි නාට්‍ය වලටයි රූපවාහිනී වැඩසටහන් වලටයි ඉස්සර වගේම දැන් ඔබට ආරාධනා ලැබෙනවාද?

ටෙලි නාට්‍යයක නම් මම අන්තිමට රඟපෑවේ 2016දී. ඒ අඳුරු සෙවණැලි නාට්‍යයේ රූපවාහිනී වැඩසටහන්  ගත්තම නළු නිළියන් සහභාගි වන රියැලිටි තරග සඳහා නාලිකා කීපයකින් ආරාධනා ලැබුණා. ඒත් මම ඒ හැම එකක්ම ප්‍රතික්ෂේප කළා. මම එවැනි තරග වලට සහභාගි වෙන්නේ නැහැ.

මංජුලාට ආදරේ කරන රසික පිරිස විමසිලිමත් වෙයි ඔබ ආයෙම රඟපානවාද නැද්ද කියලා දැන ගන්න?

මම රඟපෑමෙන් අයින් වෙන්නේ නැහැ. දුව ටිකක් ලොකු වුණාම හොඳ නිර්මාණයකට ආරාධනා ලැබුණොත් භාර ගන්නවා.


උපුටා ගැනීම ලක්බිම පුවත් පත ඇසුරෙනි
sgas
Marcadores:

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.