Sponsored

Sponsored

‘ඉන්සයිට්’ අඟහරු මත

feature-top
මීට මාස 6 කට පෙර, පෘථිවියෙන් පිටත්ව ගිය ඇමෙරිකාවේ නාසා ආයතනයට අයත් 'ඉන්සයිට්' නමැති රොබෝ ගවේෂණ යානය ග්‍රිනිච් වේලාවෙන් සඳුඳා (26) පැය 1950ට අඟහරු මතට ගොඩබෑමට නියමිතව ඇත.

යානය අඟහරු මත ගොඩබෑම සිදුවන්නේ සියුම් ගණනය කිරීම් අනුවය. ඒ සඳහා විශේෂ පැරැෂූට් කට්ටල යොදා ගැනෙයි. යානය පතිත කිරීම සිදුවන්නේ නාසා විද්‍යාඥයන් විසින් කලින් තෝරා ගනු ලැබ ඇති විශේෂ ස්ථානයකටය.

'ඉන්සයිට්' රොබෝ යානයේ මූලික අරමුණ අඟහරු පෘෂ්ඨය සිදුරු කර, පාෂණ ස්ථර ගවේෂණය සහ අඟහරු මතුපිට හටගන්නා භූ කම්පන ගැන අධ්‍යයනය කිරීමය. ලබා ගන්නා දත්ත රේඩියෝ සංඥා ලෙස පෘථිවි විද්‍යාඥයන් වෙත ලැබෙන්න සලස්වයි.

ඉන්සයිට් ගවේෂණ යානය අඟහරු පොළොව හාරා ලබා ගන්නා දත්ත මගින් අඟහරු ග්‍රහයා නිර්මාණය වූ හැටි සහ අඟහරු ග්‍රහයාගේ පරිණාමය පමණක් නොව අඟහරු, පෘථිවිය, සිකුරු, බුද වැනි පාෂාණමය ග්‍රහයන්ගේ පැවැත්ව සම්බන්ධයෙන් ද රහස් රැසක් හෙළි කර ගැනීමට හැකිවනු ඇතැයි විද්‍යාඥයෝ පෙන්වා දෙති.

ඉන්සයිට් යානය පෘථිවියෙන් පිටත්ව අඟහරු බලා ගියේ පසුගිය මැයි මාසයේදීය. ඉන්සයිට් රැගත් ඇට්ලස් රොකට්ටුව ගුවන්ගත කිරීම සිදුවූයේ කැලිෆෝනියාවේ ගගන කඳවුරෙනි. අඟහරු මතුපිට කැණීම් සිදු කරන ඉන්සයිට් යානයේ බර කිලෝ ග්‍රෑම් 360කි. එහි දිග මීටර් 6 ක් වන අතර පළල මීටර් 1.5ක් යැයි නාසා ආයතනය කියයි.

මෙම සම්පූර්ණ වැඩසටහනේ වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 993ක් බව පැවසේ.

'රෝවර්ස්', 'ඕබිටර්ස්' සහ 'ප්‍රෝබ්ස්' යන අභ්‍යවකාශ යානා යොදා ගනිමින් ලොවපුරා විවිධ අභ්‍යාවකාශ ආයතන අවස්ථා 43කදී අඟහරු වෙත ළඟවීමට උත්සාහ කළ ද ඒ සියලු උත්සහයන් අසාර්ථක විය.

උපුටා ගැනීම මව්බිම පුවත්පත ඇසුරෙනි

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.