Sponsored

Sponsored

සුපිරි නළු සල්මාන් ඉන්දියාවම උඩුයටිකුරු කරමින් සුරූපී කත්‍රිනා සමඟ විවාහ වෙයි




සුපිරි ඉන්දීය නළු සල්මාන් ඛාන් විවාහ ගිවිසගත් පුවත මේ වනවිට අන්තර්ජාලය පුරා පැතිර යමින් පවතිනවා.

එම වාර්තාවල දැක්වෙන්නේ සලමාන්ගේ අතගත් යුවතිය කලක් සල්මාන් ගේ පෙම්වතිය වූ කත්‍රිනා බවයි.

මෙලෙස ඔවුන් දෙදෙනා විවාහ ගිවිසගෙන ඇති බවට පැතිර යාමට හේතුවී ඇත්තේ කත්‍රිනා සහ සල්මාන්ගේ මව එකට සිටින ඡායාරූපයක් අන්තර්ජාලයට එක්වීමයි.

එහි කත්‍රිනා මංගල ඇඳුමකින් සැරසී සිටින අතර එම ඡායාරූපයට ප්‍රතිචාර දක්වමින් සල්මාන්ගේ නැඟණිය අර්ෆිතා ඛාන් “Saas Bahu goals! ලෙස සිය ට්විටර් ගිණුම තුළ සටහනක් තබා තිබීම හේතුවෙන් එම ප්‍රකාශය තවදුරටත් තහවුරු කර තිබෙනවා.

පසුව ඇය තැබූ ට්විටර් සටහන ඉවත් කිරීමත් සමඟ බොහෝදෙනෙකුගේ අවධානය ඒ වෙත යොමුවූවා.

විදෙස් මාධ්‍ය පසුව වාර්තා කරන්නේ අදාළ ඡායරුපය සල්මාන් සහ කත්‍රිනා ප්‍රධාන චරිත රඟපාන Bharat චිත්‍රපටයේ රූගත කිරීමක් අතරතුර ලබාගත් ඡායාරූපයක් බවයි.

කෙසේ වෙතත් සල්මාන්ගේ සහ කත්‍රිනාගේ රසික රසිකාවියන්ගේ පැතුම නම් එය සිනමාවට පමණක් නොවී සත්‍ය ජීවිතයේත් ඔවුන් දෙදෙනා එක්වනු දැකීමයි.

අදාළ පුවත පළවීමත් සමඟ ඔවුන් දෙදෙනාට ආදරය කරන රසික රසිකාවියන් දැක්වූ සුබපැතුම් ගොන්න සහ අදාළ සිදුවීම පිළිබඳව සත්‍ය තහවුරු කරගැනීමට ගත් උත්සාහයන් අනුව එය පැහැදිළිවන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

(under the courtesy of http://www.hirunews.lk/sinhala/)






Marcadores:

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.