Sponsored

Sponsored

සුරාබදු පනතින් නඩු දාන්න පොලිසියට බෑ..

සුරාබදු ආඥා පනත යටතේ නඩු පැවරීමට පොලිසියට බලයක් නැතැයි දකුණු පළාත් බද ගාල්ල මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද තීරණය කළේය.

බීර බෝතල් තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදි පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරිමට එරෙහිව විත්තිකරුවකු විසින් ඉදිරිපත් කරන ලද අභියාචනයක් විභාග කළ මහාධිකරණ විනිසුරුවරයා එම තීරණය ප්‍රකාශයට පත් කළේය.

කොග්ගල පදිංචි නාපෙ විතානගේ කපිල මහේෂ් කුමාර නමැති විත්තිකරු මෙම භියාචනය ඉදිරිපත් කර තිබුණි. මෙහි වග උත්තරකරුවන් ලෙස නිතිපතිවරයා සහ අහංගම පොලිස් ස්ථානාධිපතිවරයා නම් කර තිබුණි.

විත්තිකරු 2017 මාර්තු 28 වැනිදා අහංගම නගරයේ සිට වැල්හේන්ගොඩට ත්‍රීරෝද රථයකින් බීර බෝතල් හතළිස් අටක් ප්‍රවාහනය කරමින් සිටියදි අහංගම පොලිසිය අත් අඩංගුවට ගෙන සුරාබදු ආඥා පනතේ 46 වැනිවගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකළ බවට ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ පැමිණිල්ලක් ගොනු කර ඇත.

විත්තිකරුගේ නිතිඥවරයා එම චෝදනා පත්‍රය බාරදිමට පෙර මූලික විරෝධතාවයක් ඉදිරිපත් කරමින් සුරාබදු ආඥා පනතේ 52 වගන්තිය යටතේ නඩු පැවරිමට පොලිසියට බලයක් නොමැති බවට කරුණු දක්වන ලද අතර මහේස්ත්‍රාත්වරයා එම විරෝධතාව ප්‍රතික්ෂේප කරමින් සුරාබදු නඩු පැවරිමට පොලිසියට බලයක් තිබෙන බවට 2017 අප්‍රියල් 27 වන දින තින්දු කළේය.

මෙම නඩුවේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරයා දෙන ලද තීරණය නිෂ්ප්‍රභා කරන ලෙසත් සුරාබදු ආඥා පනතේ 46 වගන්ති යටතේ නඩු පැවරිමට පොලිසියට බලයක් නොමැති බවට තිරණය කරන ලෙසත් ඉල්ලා මෙම අභියාචනය ඉදිරිපත් කර තිබුණි. අභියාචනය ඉදිරිපත් කළ විත්තිකරු වෙනුවෙන් නිතිඥ ප්‍රසිත වල්ගම මහතා පෙනි සිටි අතර නිතිපතිවරයා වෙනුවෙන් රජයේ අධි නිතිඥ කේ වී ඉන්දිකා මෙනවිය පෙනි සිටියාය.

courtesty : lawpage.lk
 
 

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.