පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණය
කරන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව විසින් ජනාධිපති මෛත්‍රීපාල
සිරිසේන මහතාගෙන් සහ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමාගෙන් කරුණු
විමසීමට සුදානම් බව එහි ප්‍රකාශකයෙකු මාධ්‍ය වෙත සදහන් කර ඇත.
ඒ අනුව කමිටු සාමාජිකයන් විසින් අගරදගුරුතුමන් හා ජනාධිපතිවරයා හමුවීමට ගොස් ඒ සම්බන්ධයෙන් කරුණු විමසීමට අදහස් කර සිටින බවද ප‍්‍රකාශකයා පවසා ඇත.
මෙම දෙදෙනා කමිටුව හමුවට කැඳවීමට සුදුසු නොවන බව අවබෝධ කර ගෙන ඔවුන් හමුවට ගොස් කරුණු විමසීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කර තිබේ.
මෙම කාරක සභාවේ සාක්ෂි විමසීම දී ජනාධිපතිවරයා සහ අගරදගුරුතුමන් සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කෙරුණු නිසා එම තත්ත්වය මත ඔවුන්ගෙන් කරුණු විමසීම වැදගත් බවද කමිටුවේ අදහස වී ඇත.
මේ අතර එම කමිටුව විසින් මෙම සතිය ඇතුළත අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන මහතා සහ නීතිය හා සාමය පිළිබඳ හිටපු ඇමතිවරුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව තිබේ.
(under the courtesy of lankacnews.com news web)

Post a Comment