Sponsored

Sponsored

ඔබේ සිරුරේ pH අගය සමබර කරගන්න පුළුවන් ආහාර

feature-top
රුධිරයේ සාමාන්‍ය PH අගය 7.35 සහ 7.45 අතර අගයක් ගන්නවා. රුධිරයේ අම්ල ගතිය අඩු විය යුතු අතර, ක්ෂාරීය ගතිය සුළු වශයෙන් වැඩි විය යුතුය. අපගේ එදිනෙදා ජීවිතයේදී අපි ආම්ලික ආහාර ගොඩක් ලබා ගන්නවා. මෙය අපේ සෞඛ්‍යයට අහිතකර ලෙස බලපාන අතර, රුධිරයේ ආම්ලික ගතිය වැඩි වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස වකුගඩු වල ගල් ඇති වීම, අස්ථි හා මාංශ පේශි දිරා යෑම, පිළිකා ඇති වීමේ අවදානම, අක්මාවේ ගැටළු ඇති වීම සහ හෘද රෝග ඇති වීමේ අවදානම ඇති වෙනවා. ක්ෂාරීය ගණයට අයත් ආහාර වර්ග වල සෝඩියම් අඩංගු වන අතර, ඒවා ඔබේ සිරුරේ PH අගය සමබර කිරීමට උපකාර කරයි.

එළවළු

Broccoli
මෙය ගෝවා වර්ගයකි. මෙය පිසූ පසු, pH අගය 6.30 — 6.85 වන අතර, විටමින් C සහ A බහුලව අඩංගු වෙනවා. මීට අමතරව තන්තු හා ෆෝලික් ඇසිඩ් අඩංගුය. Broccoli ආහාරයට ගැනීමෙන් විවිධ නිදන්ගත රෝගවලින් ඔබව ආරක්ෂා කෙරෙන අතර, එය ස්වභාවික විෂබීජ නාශක ගුණ සහිත ආහාරයකි.

Cauliflower (මල් ගෝවා)
මෙම මල් ගෝවා වර්ගය පිසූ පසු, pH අගය 6.45-6.80 වන අතර පිළිකා රෝග, හෘද රෝග සහ මොළයේ රෝග වළක්වා ගැනීමටත්, බර අඩු කර ගැනීමටත් උපකාරි වනු ඇත. එමෙන්ම මේවයේ විටමින් වර්ග රැසක් අඩංගු වේ.

Green cabbage (කොළ ගෝවා)
මෙම ගෝවා වර්ගයේ pH අගය 5.20-6.75 අතර වේ. මෙහි ෆෝලික් අම්ලය, මැග්නීසියම් හා විටමින් C සහ K බහුලව අඩංගු වේ. මීට අමතරව විකිරණ වලින් ඔබේ සිරුරට ඇති වන ඍණාත්මක බලපෑම් වලට එරෙහිව ක්‍රියා කරන අතර, පිළිකා වැළැක්වීම සහ ආහාර ජීරණ ක්‍රියාවලිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ.

අමු කැරට්
අමු කැරට් වල pH අගය 5.88-6.40 අතර වේ. අමු කැරට් වල අඩංගු ස්වභාවික ක්ෂාරීය ගතිය නිසා කුසෙහි ඇති අතිරික්ත ආම්ලික ගතිය ඉවත් කිරීමට මෙය සමත් වෙනවා. මීට අමතරව සිරුරේ ඇති කොලොස්ටරෝල් ප්‍රමාණය අඩු කිරීමට, ඇස් වල පෙනීම වර්ධනය කිරීමට සහ වයසට යාමේ ලක්ෂණ ඉවත් කිරීමට මෙහි ඇති ගුණ උපකාරී වෙනවා.

පිසූ බීට් රූට්
පිසූ බීට් රූට් වල pH අගය 5.23-6.50 අතර අගයක් ගන්නවා. මෙහි මැන්ගනීස්, පොටෑසියම් සහ කොපර් වැනි වයස්ගතවීමේ ලක්ෂණ පාලනය කරන පෝෂක ගුණ රැසක් අඩංගු වෙනවා. සිරුරේ ඇති වන ඉදිමුම් සහිත ප්‍රදාහයන් සුව කරන අතර, බර අඩු කර ගැනීමට උපකාරී වේ.

පලතුරු

අලිගැටපේර
අලිගැටපේර වල pH අගය 6.27-6.58 අතර අගයක් ගන්නවා. අලිගැටපේර වල ද්‍රව සහ ද්‍රව නොවන තන්තු අඩංගු වෙනවා. අලිගැටපේර මඟින් අක්මාවෙහි ඇති වන හානි අවම කිරීම, මුඛ පිළිකා වැළැක්වීම, සම සෞඛ්‍ය සම්පන්නව ආරක්ෂා කිරීම සහ වියළි හෝ හානි වූ කෙස් පෝෂණය කිරීම සිදු කෙරෙනවා.

දෙළුම්
දෙළුම් වල pH අගය 3.0 පමණ අගයක් වෙනවා. දෙළුම් විටමින් C සහ පොටෑසියම් අඩංගු බහුලව අඩංගු පලතුරකි. දෙළුම් ආහාරයට ගැනීම මෙන්ම සීනි නොයොදා පානයක් සකස් කර ගැනීමද කළ හැක.

ඉදුණු ඔලිව් ගෙඩි
ඉදුණු ඔලිව් ගෙඩියක pH අගය 6.00-7.50 අතර අගයක් ගන්නවා. ඔලිව් වල අසන්තෘප්ත මේදය සහ විටමින් E බහුලව අඩංගු වෙනවා. මේවා ස්වභාවික ප්‍රතිඔක්සිකාරක වන අතර, රුධිර කැටීවීම් වැලැක්වීම සහ ඔබගේ රුධිරයෙන් අධික කොලෙස්ටරෝල් ඉවත් කරමින් තරබාරුකම ඉවත් කිරීමට මෙය සමත් වෙනවා.
වෙනත්

නිවිති
පිසූ නිවිති වල pH අගය 6.60-7.18 අතර අගයක් ගන්නවා. නිවිති විටමින් A, C, K සහ කැල්සියම් බහුලව අඩංගු වෙනවා. නිවිති ආහාරයට ගැනීමෙන් පිළිකා වැළඳීමේ අවදානම අඩු වෙන අතර, ඔබේ සම, හිස කෙස් සහ ඇටකටු පෝෂණය කරනවා.


(under the courtesy of goodhousekeeping.lk web)

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.