Sponsored

Sponsored

පුරන් කුඹුරුවල ඉඟුරු වගාව සාර්ථකයි

feature-top
පුරන්ව පැවති කුඹුරු ඉඩම් ආශ්‍රිතව ඉගුරු වගා කිරිමට ගත් උත්සාහය සාර්ථක වී තිබෙන බව පුජාපිටිය ගලදර හා හතරලියද්ද යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල පිහිටි ගොවි සංවිධාන පවසයි. මේ වැඩ සටහන නිසා කාලයක් කිසිදු වගාවක් නොකර පුරන් වීමට හැර දමා තිබුණු කුඹුරු ඉඩම් අක්කර සිය ගණනක් පලදායි තත්ත්වයට පත් කිරිම මෙන්ම ගොවි ජනතාවට ආදායමක් ලැබෙන තත්ත්වයකට පත් කිරිමට හැකි වී තිබෙන බවද කියා සිටියි.

මේ වැඩපිළිවෙළ තව දුරටත් පුළුල් කිරිමට පියවර ගන්නේ නම් දැනට වී වගාවට යොදා ගැනිමට නොහැකි තත්ත්වයෙන් පවතින කුඹුරු ඉඩම් අක්කර සිය ගණනක් ඉගුරු වගාවට යොදවා ගොවි ජනතාවගේ ආදායම් තත්ත්වය ඉහළ නංවාලිමට හැකිවන බවද කියති. ඉගුරු වගාවෙන් ඉතා ඉහළ ආදායමක් ලබා ගැනිමට හැකියාව තිබෙනවා වගේම විවිධ රෝගවලට ගොදුරු විමේ අවකාශය අවම කර ගැනීමට හැකියාව තිබෙන බවද කියා සිටිති .

ඇතැම් අවස්තාවලදි අමු ඉගුරු කිලෝව රුපියල් දෙසියට වැඩි මිලකට අලවි කර ගැනිමට ගොවි ජනතාවට හැකියාව ලැබෙන බවද පවසන ගොවි සංවිධාන දැනට පුරන් වීමට හැර දමා තිබෙන හැම කුඹුරු ඉඩමක්ම ඉගුරු වගාව සදහා යෙදවුහොත් පාරිසරික ගැටලු අවම කර ගැනිමට හැකියාව ලැබෙන බවද කියා සිටිති. 


උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි
Marcadores:

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.