Sponsored

Sponsored

අස්වැන්න හීන කරන වම්බටු කොළ කුඩා වීමේ

feature-top
වම්බටු වගා කරන්නේ තනි වගාවක් වශයෙනි. ජලවහන තත්ත්වය අනුව සමතලා බිමෙහි හෝ වැටිවල සිටුවීම කළ හැකිය. වම්බටු, ජල සම්පාදනය රහිත මහ කන්නයේ වගාකරන අතර යල කන්නයේ ජල සම්පාදන තත්ත්වය යටතේ ද වගා කරනු ලැබේ. වියළි කාලවලදී සතියට වරක්වත් අතිරේක ජල සම්පාදනයක් අවශ්‍යය.අධික ලෙස ජල සම්පාදනය කිරීම සහ ජලය රඳා සිටීමට සැලැස්වීමෙන් වැළැකිය යුතුය.පහතරට තෙත් කලාපයේ වැවෙන ජනපි‍්‍රය එළවළු බෝගයක් වන වම්බටු වගාවේ ගැටලුවක් නම් අස්වනු ලබාගැනීමට සෑහෙන කාලයක් ගතවීමයි.අස්වැන්න අඩු කිරීමට වම්බටු කොළ කුඩා වීමේ රෝගය තදින්ම බලපායි. එය වගාව අතර ක්ෂණිකව පැතිරී යන රෝගී තත්ත්වයකි. ඇතැම් අවස්ථාවල වගාව මත පැතිරෙමින් සියයට සියයක්ම අස්වැන්න අඩු කරයි. වගාවෙන් කිසිම අස්වැන්නක් නොලැබෙන තත්ත්වයට පත්කිරීමට මේ රෝගයට හැකියාව තිබේ.අලුතින් එන කොළ පවා ප‍්‍රමාණයෙන් කුඩාවේ. පත‍්‍ර ධාරය කුඩාය. පත‍්‍ර මුදු වී සුදුමැලි වන අතර පර්නාංග කෙටි වී කක්ෂීය අංකුර වැඩීමට පටන්ගනියි. වැඩීම බාලවීමත්, කක්ෂිය ශාකා ඇතිවීම හා කුඩා කොළ රාශියක් ඇතිවීම නිසා පඳුරක් ස්වභාවයක් පෙන්වයි.

මල් හැළීම සිදුවෙන අතර ඵල හටගන්නේ කලාතුරකිනි. රෝගය බෝවීම යුෂ මාර්ගයෙන් නොවන අතර කොළ පළගැටියා මාර්ගයෙන් සිදුවේ. තිබ්බටු මිනීමල්, අත්තවලට ද මේ රෝගය ඇතිවේ. අර්තාපල් තක්කාලි වැනි සොලකේසීය කුලයට අයත් බෝගවලට ද මෙම රෝගය බෝවේ.රෝග මර්දනයට වගාව ආරම්භයේදීම එවැනි රෝග ලක්ෂණ ඇති ගස් පුළුස්සා දැමිය යුතුය. වගාව අවට ඇති තිබ්බටු, මිනීමල්, අත්තවල ද මෙම රෝගී තත්ත්වය ඇත්නම් එවැනි ගස් ද පුළුස්සා දැමිය යුතුය.වගාව අවට වල් පැළෑටි ගලවා දමා වගාව අවට පිරිසුදුව තබාගැනීමෙන් රෝගය පැතිරීයාම වළක්වා ගත හැකිය.දිලීරයකින් හටනොගන්නා රෝගයක් වන බැවින් දිලීරනාශක යෙදීමෙන් පලක් නොවේ. එහෙත් රෝගය බෝකරන වාහකයා මර්දනය කිරීම සඳහා කෘමිනාශකයක් යෙදීමට හැකි අතර දිගින් දිගටම එසේ කිරීම උචිත නොවේ.වඩාත්ම සුදුසුවන්නේ වගාව අවට පිරිසුදුව තබාගැනීමෙන් රෝග වාහකයා පැමිණීම වළක්වා ගැනීමයි.


උපුටා ගැනීම දැනුම පුවත්පත ඇසුරෙනි
Marcadores:

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.