Sponsored

Sponsored

‘‘යෝජනාවට අකමැති වූ නිසා මරා දැම්මා‘‘ තම යෙහෙළියට උදව් කරන්නට ගොස් ජීවිතයෙන් වන්දි ගෙවූ කවීෂා..!


තම හොඳම යෙහෙළියක කරදරයකට පත්ව ඇති බවට ලැබුණු ආරංචියක්‌ මත ඇයට උපකාර කිරීමට යෑයි පවසා පිටත්ව ගිය විසි හැවිරිදි තරුණියක් හෝටල් කාමරයක්‌ තුළදී ඝාතනය කළ ශෝචනීය පුවතක් පසුගියදා ගොකරැල්ල පොලිස් බලප්‍රදේශයෙන් වාර්තා වුනා. මෙලෙස ඝාතනයට ලක්වූ අලව්ව, නවතල්වත්ත පදිංචිව සිටි ඩබ්ලිව්. පී. කවීෂා මධුරංගි වික්‍රමසිංහ දැරියගේ දෙමාපියන් ඉල්ලා සිටින්නේ මේ අපරාධය සිදු කළ පාපතරයාට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කරන ලෙසයි.
කුරුණෑගල නගරයේ උපකාරක පන්තියකට සහභාගී වීමට යයි කියමින් පසුගිය 29 වෙනිදා නිවසින් පිටත් වූ කවීෂා එදින නිවසට නොපැමිණීම පිළිබඳව ඇයගේ ගේ මව්පියන් විසින් අලව්ව පොලිසියට පැමිණිල්ලක්‌ සිදු කර තිබූ අතර ඒ පිළිබඳව අලව්ව පොලිසිය විසින් පරීක්‌ෂණ සිදු කෙරෙමින් පවතින අතරතුර ඇයගේ මළ සිරුර කුරුණෑගල - මැල්සිරිපුර නගරයේ හෝටල් කාමරයක්‌ තුල තිබී හමුව තිබුණා.
අභිරහස්‌ ලෙස මිය ගිය තරුණියකගේ මළ සිරුරක්‌ අැති බවට ගොකරැල්ල පොලිසියට අදාළ හෝටලයේ සේවකයින් විසින් සිදුකරනු ලැබූ පැමිණිල්ලකට අනුව සිදුකළ පරීක්‌ෂාවකදී පොලිසිය විසින් එම මළ සිරුර සොයා ගැණුනු අතර ඇය මෙවර අ.පො.ස. (සා. පෙළ) විභාගය සඳහා දෙවන වරට පෙනී සිටීම සඳහා සූදානමින් සිට තිබුණා.
සිද්ධියට සම්බන්ධයෙන් කුරුණෑගල ඉහලගම පෙරියකඩු නැලව පදිංචි අධිකාරි මුදියන්සේලාගේ කසුන් ප්‍රදීප් නමැති 22 හැවිරිදි සැකකරු පසුගිය 30 වෙනි දා රාත්‍රියේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අැති අතර සැකකරු විසින් ඔහුගේ පෙම්වතියගේ දුරකතනයෙන් ලබා දුන් ව්‍යාජ තොරතුරු ඔස්‌සේ සිය යෙහෙළියට උදව් කිරීමට පැමිණි කවීෂාට මෙසේ සිය ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුව තිබුනා.

ඒ සම්බන්ධයෙන් සැකකරු පොලිසියට පවසා ඇත්තේ තමා සමග එකට සිට ඡායාරූපයක්‌ ගෙන ඉමාෂට යෑවීමට කළ යෝජනාවට කවීෂා අකමැති වීම නිසා මෙසේ ඇය මරා දැමූ බවයි.
සැකකරු මේ වන විට කුරුණෑගල මහේස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 8 වෙනිදා දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇති අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් කවීශාගේ මාමා කෙනෙකු වන ඡේ. අජිත් ධම්මික  මෙලෙස අදහස් දැක්වුවා.
මේ ළමය බලෙන් පැහැරගෙන ගිහින් තියෙන්නේ. අපේ දුවගේ යාලුවෙක්‌ එක්‌ක තමයි මේ සිද්ධියේ සැකකරු යාලු වෙලා ඉන්නේ. මේ පුද්ගලයා ඒ ළමයාගේ දුරකතනයෙන් අපේ ළමයට කෝල් එවල තමයි එයාව රවට්‌ටන් ගිහින් තියෙන්නේ.

 අපේ දුව තවත් එයාගේ යාලුවෙකුට මැසේඡ් කරලා තියෙනවා මගේ යාලුවෙක්‌ කරදරේක වැටිලා. ඒ නිසා මං එයාව බලන්න යනවා කියල.

 සැකකරු දුවව හෝටල් කාමරයට අරන් ගිහින් එයාට සිහි නැති වෙන්න මොනවා හරි දීල තමයි මේ අපරාධය කරලා තියෙන්නේ. දුව හෝටලේ කාමරයේ ඉඳන් කෑගහන ශබ්දෙ හෝටලේ වැඩ කරන කෙනෙක්‌ට ඇහිලා තියෙනවා. එයා විපරම් කරන කොට සැකකරු කියල තියෙනවා එක අපේ ප්‍රශ්නයක්‌ ඒ නිසා කලබල වෙන්න එපා කියලා.



 girl222

 (under the courtesy of nethnews.lk news web)
Marcadores:

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.