එළඹෙන නිවාඩු සමයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කරන සිය පුරවැසියන්ට
අවධානයෙන් පසුවන ලෙස මෙරට පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක්
නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.
සංචාරක ස්ථාන, ප්‍රවාහන මධ්‍යස්ථාන, වෙළඳපල, සාප්පු සංකීර්ණ, රජයේ මර්මස්ථාන, හෝටල්, සමාජ ශාලා, ආපනශාලා, පූජනීය ස්ථාන, උද්‍යාන, ප්‍රධාන ක්‍රීඩා හා සංස්කෘතික උත්සවයන්, අධ්‍යාපන ආයතන, ගුවන්තොටුපල සහ රෝහල් ආශ්‍රිත ස්ථාන වලට ත්‍රස්තවාදීන්ට සුළු හෝ අනතුරු ඇඟවීමකින් තොරව ප්‍රහාර එල්ල කළ හැකි බැවින් ඒ පිලිබදව අවධානයෙන් පසුවන ලෙසයි සිය පුරවැසියන්ට දෙවන මට්ටමේ සංචාරක උපදේශනයක් නිකුත් කරමින් අමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කර සිටින්නේ.
ඒ හේතුවෙන් සංචාරක හා පොදු ස්ථාන වලදී වැඩි අවධානයෙන් පසුවන ලෙසත්, දේශීය මාධ්‍ය ආයතන විසින් ප්‍රචාරය කරනු ලබන පුවත් සහ ශ්‍රී ලංකා රජය මගින් නිකුත් කරනු ලබන නිවේදනයන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන ලෙසද අමෙරිකානු තානාපති කාර්යලය සිය මෙරට සංචාරය කරනු ලබන සිය පුරවැසියන් ගෙන් ඉල්ලා සිටිනවා.
(under the courtesy of nethnews.lk news web)සංචාරක ස්ථාන, ප්‍රවාහන මධ්‍යස්ථාන, වෙළඳපල, සාප්පු සංකීර්ණ, රජයේ මර්මස්ථාන, හෝටල්, සමාජ ශාලා, ආපනශාලා, පූජනීය ස්ථාන, උද්‍යාන, ප්‍රධාන ක්‍රීඩා හා සංස්කෘතික උත්සවයන්, අධ්‍යාපන ආයතන, ගුවන්තොටුපල සහ රෝහල් ආශ්‍රිත ස්ථාන වලට ත්‍රස්තවාදීන්ට සුළු හෝ අනතුරු ඇඟවීමකින් තොරව ප්‍රහාර එල්ල කළ හැකි බැවින් ඒ පිලිබදව අවධානයෙන් පසුවන ලෙසයි සිය පුරවැසියන්ට දෙවන මට්ටමේ සංචාරක උපදේශනයක් නිකුත් කරමින් අමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කර සිටින්නේ.

Post a Comment