Sponsored

Sponsored

රටවල් 48 ක් සඳහා ගාස්තු රහිත වීසා පහසුකම අද සිට ඇරඹේ

feature-top
සංචාරක කර්මාන්තය ප‍්‍රවර්ධනය කිරීමේ අරමුණින් රටවල් 48 ක් සඳහා ගාස්තු රහිතව වීසා ලබා දීම අද (01) සිට කි‍්‍රයාත්මක වනවා. මාස 06 ක කාලසීමාවක් මෙම පහසුකම හිමිවන බවයි සංචාරක සංවර්ධන අමාත්‍යංශය පැවසුවේ.

ඒ අනුව තායිලන්තය, යුරෝපය, එක්සත් රාජධානිය, අමෙරිකාව, ජපානය, ඕස්ටේ‍්‍රලියාව, දකුණු කොරියාව, කැනඩාව, සිංගප්පූරුව සහ නවසීලන්තය යන රටවලට ගාස්තු රහිත වීසා පහසුකම හිමිවනවා.

ඊට අමතරව මැලේසියාව, ස්විට්සර්ලන්තය, කාම්බෝජය, ඩෙන්මාර්කය මෙන්ම ස්වීඩනය, නෝර්වේ, ෆින්ලන්තය, අයිස්ලන්තය, පිලිපීනය, රුසියාව, චීනය හා ඉන්දියාව යන රටවලටද ගාස්තු රහිත වීසා පහසුකම හිමිවන බවයි සංචාරක සංවර්ධන අමාත්‍යංශය පැවසුවේ.



සංචාරය කිරීමේ අරමුණින් ශ‍්‍රී ලංකාවට පැමිණෙන්නන්ට පමණක් මෙම පහසුකම හිමිවන බවද විෂයභාර අමාත්‍ය ජෝන් අමරතුංග ප‍්‍රකාශ කළා. මෙම වැඩපිළිවෙල මගින් වීසා ලබාගැනීම සඳහා වැයවන මුදල් සහ කාලය ඉතිරි වන බැවින් විදෙස් සංචාරකයින් ශ‍්‍රී ලංකාවට පැමිණීමේ ප‍්‍රවණතාව ඉහළ යනු ඇති බවටයි අපේක්ෂා කරන්නේ.

(under the courtesy of nethnews.lk news web)

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.