Sponsored

Sponsored

රට රකින “ජන හඬ” අනුරාධපුරයේ ගිගුම් දෙයි… අටමස්ථානයේ නායක ස්වාමීන් වහන්සේලාත් වැඩම කරති…

feature-top
මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක හිමි සහ බෙල්ලන්විල රාජ මහා විහාරාධිපති බෙල්ලන්විල ධම්මරතන හිමියන්ගේ සංවිධායක මුලිකත්වයෙන් පැවැත්වෙන රට රකින “ජන හඬ” වැඩසටහනේ අනුරාධපුර දිස්ත්‍රික් සමුළුව අනුරාධපුර ගෝල්ඩන් මැන්ගෝ ශාලාවේදී විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

මෙහි විශේෂත්වය වූයේ අටමස්ථානයට අයත් රුවන්මලිසෑය, මිරිසවැටිය,ලංකාරාමය, අභයගිරිය සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන පෙලේ විහාරස්ථාන රැසක නායක ස්වාමීන්වහන්සේලා මේ අවස්ථාවට සහභාගී වීමයි.

“රටට හිතවත් දෑ සමය සුරකින නායකයකු බිහිවේවා” යැයි ප්‍රාර්ථනය පෙරදැරිව පැවති සමුළුව අමතා මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, බෙල්ලන්විල ධම්මරතන හිමි, ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි, භික්ෂු විශ්ව විද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන පීඨාධිපති මහාචාර්ය කනත්තේගොඩ සද්ධාරතන හිමි, මහාචාර්ය සිසිර සිරිබද්ධන, මහාචාර්ය චන්න ජයසුමන, ඇතුළු ගිහිපැවිදි ක්‍රියාකාරිකයෝ අදහස් දැක්වූහ.

එස් එම් චන්ද්‍රසේන, එස් එම් රංජිත්, මොහොමඩ් හුසේන් ඇතුළු දේශපාලන නායකයෝ රැසක්ද මේ අවස්ථාවට සහභාගී වූහ.
(under the courtesy of lankacnews.com news web)

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.