අත්හරින ලද සිය අමාතය්‍යධූර, රාජ්‍ය අමාත්‍යධූර හා නියෝජ්‍ය
අමාත්‍යධූර නැවත භාර ගැනීමට මුස්ලිම් මහජන නියෝජිතයින් තිරණය කර තිබෙනවා.
ඊයේ (11) පැවැති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹි බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර
අමීර් අලී පැවසුවේ.
මුස්ලිම් මහජන නියෝජිතයින් අමාත්‍යධූර, රාජ්‍ය අමාත්‍යධූර සහ නියෝජ්‍ය අමාත්‍යධූර අත්හැරියේ ඉකුත් ජුනි මස 03වනදායි. මුස්ලිම් වැසියන්ට සිදුවන පීඩා සහ රිෂාඞ් බදියුදීන්, අසාද් සාලි හා එම් එල් ඒ එම් හිස්බුල්ලා යන අයට ඉදිරිපත් වී තිබූ චෝදනා සැලකිල්ලට ගෙන එම චෝදනා පිළිබඳ විමර්ශනවලට පහසුවක් වීම සඳහා මෙලෙස සිය තනතුරු අත්හැරි බව ද ඔවුන් පැවසුවා.
කෙසේවෙතත්, තනතුරු අත්හරින ලද කබීර් හෂීම් සහ අබ්දුල් හලීම් යන මහජන නියෝජිතයින් ඉකුත් ජුනි 19වනදා යළි සිය අමාත්‍යධූරවල වැඩ භාර ගත්තා. ඒ, මහානායක හිමිවරුන් විසින් ඉකුත් ජුනි 11වනදා කරන ලද ඉල්ලීමක් අනුවයි.
(under the courtesy of nethnews.lk news web)

Post a Comment