Sponsored

Sponsored

දැල්ලන් පුරවා ඉවීම

feature-top
දැල්ලන් 10, තම්බාගත් මුං ඇට හුන්ඩු 1/2 (ලුණු දමා) රතුලූනු ග්‍රෑම් 10ට අමුමිරිස් කරල් 10, වියළි මිරිස් කරල් 15ක කුඩු, දෙහි ගෙඩි 1, ලුණු සෑහෙන පමණ, ‍පොල්තෙල් ස්වල්පයක්, කරපිංචා, කහ, බැද කුඩු කරගත් තුනපහ මේස හැඳි 1, මිරිස් මේස හැඳි 1, ‍පොල්කිරි කෝප්ප 1 1/2

සාදන ක්‍රමය

පළමුව දැල්ලන්ගේ ඔළුව ඉවත් කර සිවිය ගලවා හොඳට සෝදා ලුණු සහ විනාකිරි ටිකක් අතගා පසෙකින් තියන්න. ලියාගත් රතුලූනු, අමුමිරිස්, මිරිස් කුඩු, කරපිංචා, දෙහි ඇඹුල් හා ලුණු එකට අතගා ගන්න. තෙල් ටික ළිප තබා රත්වූ පසු එහි දමා තරමක් බැදුණු පසු තම්බා ගත් මුං ඇට එකතු කර ලුණු ඇඹුල් බලා විනාඩි 5ක් පමණ මදගින්නේ තියන්න.

නිවුණු පසු මෙම මිශ්‍රණය දැල්ලන් ඇතුළට පුරවා ඔළු සවිකර ලොකු වළඳක අඩුක් කරන්න. පිරිසිදු කරගත් අලුත් ඉරටු ගෙන කොටට කපා දැල්ලගේ ඔළුව ඉරටුවක් මාර්ගයෙන් සවි කරන්න.

‍පොල්කිරි, කහ, බැදපු තුනපහ කුඩු අඹරාගත් මිරිස් ලුණු සහ දෙහි බෑයක ඇඹුල් යොදා දැල්ලන්ට උඩින් වත්කර අඩිය අල්ලන්ට නොදි මදගින්නේ ඉස්ම හිඳෙන තුරු පිස ගන්න.

උපුටා ගැනීම ලක්බිම පුවත් පත ඇසුරෙනි

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.