Sponsored

Sponsored

රුලං පොල් කේක් එකක් හදමුද? රෙසිපි එකත් එක්කම මෙන්න හදන හැටි

feature-top
කේක් කිවුවම එක එක විදෙියේ කේක් වර්ග තියෙනවා. බටර් කේක්, චොකලට් කේක්, අයිසින් කේක්, ඒ අතරින් ගොඩක් අය කැමති කේක් වර්ගයක්නේ පොල් කේක් කියන්නේ. පොල් කේක් කිවුවට මේක නිකන්ම නිකන් පොල් කේක් එකක් නෙවෙයි. මේ රුලං පොල් කේක් එකක්. අපි අද කියන්න යන්නේ කොහොමද මේ රුලං පොල් කෙක් එක හදන්නේ කියලා. ගෙදරදීම බොහොම පහසුවෙන් හදාගන්න පුළුවන්. පහත තියෙනවා අවශ්‍ය ද්‍රව්‍ය සහ හදන හැටි.

මේ තියෙන්නේ අවශ්‍ය ද්‍රව්‍ය – සීනි ග්‍රැම් 125 ක්, බටර් ග්‍රෑම් 375 ක්, බිත්තර 5යි, රුලං ග්‍රෑම් 500 ක්, පොල් ගෙඩියකින් පමණ, සාදා ගත් පැණි ‍පොල් ග්‍රෑම් 150 ක්, කජු මද ග්‍රෑම් 150 ක්, එන්සාල් ඇට 2-3 ක්, වැනිලා බිංදු 2-3 ක්,

මෙන්න හදන හැටි – බිත්තර කහමද සහ සුදු මද වෙන්කර ගන්න. සීනි සහ බටර් බඳුනකට දමා බිට් කර ගන්න. දැන් එයට බිත්තර කහමද ටික ටික එකතු කරන්න. පිරිසිදු වියළි බඳුනක් ගෙන එයට බිත්තර සුදුමද දමා හොඳින් ගසා ගන්න. එය හිම මෙන් බිට් වූ පසු සාදාගත් මිශ්‍රණය එයට එකතු කරන්න. ඉන්පසු එයට සාදාගත් පැණි‍පොල් මිශ්‍රණය, කුඩුකරගත් කජු, බැදගත් රුලං සහ වැනිලා, තලාගත් එන්සාල් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. දැන් තෙල් කඩදාසි දමා සකසා ගත් තැටියක අතුරා 150C උෂ්ණත්වයේ පැයක් පමණ පුළුස්සා ගන්න.

රුලං පොල් කේක් කඩෙන් අරන් කනවට වැඩියෙ බොහොම පහසුවෙන් රසට ගෙදරදීම රුලං පොල් කේක් හදන්න දැනගන්න එක ගෘහණියන් වන ඔබටත් ගොඩක් වැදගත් වේවි. මේ ලිපියෙන් යාළුවන්ටත් ඉගෙන ගන්න යාළුවන්ටත් බලන්න Share කරන්න අමතක කරන්න එපා.

(under the courtesy of womanly.lk blog web)

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.