Sponsored

Sponsored

රාජකීය උපන්දිනයක් සමරා රටම කතා කළ චන්දිමාල් ජයසිංහට කෝට්ටේ රජමහා විහාරයේදී ප්‍රදේශවාසීන් පහරදීලා..? හේතුව මෙන්න

feature-top
රාජකීය උපන්දින සාදයක් පවත් පසුගිය සමයේ සමාජයේ කතාබහට ලක්වූ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ හට කෝට්ටේ රාජමහා විහාරයේදී ප්‍රදේශවාසීන් යම් පහරදීමක් සිදුකර එළවා දමා ඇති බව වාර්තාවනවා.

මෙම පහරදීමට හේතු වී ඇත්තේ චන්දිමාල් විසින් කෝට්ටේ රජමහා විහාරයේ පිහිටි කතරගම් දේවාලයේ බස්නායක තනතුර ලබා ගැනීමට විහාරාධිපති හිමියන්ට විරුද්ධව පෙත්සමක් අත්සන් කිරීමට යාමයි.

මේ පිළිබඳව තොරතුරු සොයා බැලූ අපට දැනගන්නට ලැබුණු තොරතුරු අනුව සිද්ධිය සැකවින් මෙසේය..

කෝට්ටේ රජමහා විහාරයේ කතරගම දේවාලයේ බස්නායක තනතුර මේ වසරේ ලබාගැනීමට චන්දිමාල් ජයසිංහ දැඩි උත්සාහයක් දරා තිබේ. නමුත් පසුගිය කාලය පුරාම සමාජයේ දැඩි විරුද්ධත්වයක් දැක්වූ ක්‍රියාවන් ඔහු සිදුකළ නිසාවෙන් මෙන්ම බස්නායක නිලමේවරයෙකුට උචිත විනයක් ඔහුට නොතිබීම හේතුවෙන් මෙම තනතුර ලබාදීමේදී මහා සංඝරත්නය මෙන්ම කෝට්ටේ රජමහා විහාරයේ දායක සභාවද චන්දිමාල්ව ප්‍රතික්ෂේප කර තිබේ.

මේ හේතුවෙන් චන්දිමාල් ජයසිංහ විසින් මොනයම් හෝ ආකාරයකින් බස්නායක තනතුර ලබාගැනීමට උත්සාහ දරා ඇති අතර ඒ අනුව පසුගිය 15වනදා කෝට්ටේ රජමහා විහාරයේ විහාරාධිපති හා දායක සභාවට එරෙහිව පෙත්සමක් අත්සන් කිරීමට ඔහු කටයුතු කර තිබේ. එයින් නොනැවතී 16වනදා ඔහු විසින් විහාරයේ භික්ෂූන් වහන්සේලා අතර සංඝභේදයක් ඇති කිරීමටද සුදානමින් සිට ඇති අතර මොනයම් හෝ ආකාරයකින් ඒ පිළිබඳව ප්‍රදේශවාසීන්ට ආරංචි වී තිබේ.

එය දැනගත් පිරිසක් චන්දිමාල් පන්සල් භූමියට පැමිණෙන තුරු රැකගෙන සිටිමින් ඔහු පැමිණි විගස පහරදී පන්සල් භූමියෙන් එලවාගෙන තිබේ. මේ සම්බන්ධයෙන් චන්දිමාල් ජයසිංහ විසින් මිරිහාන පොලිසියේ පැමිණිල්ලක්ද සිදුකර ඇති අතර  අප කළ විමසීමකදි මිරිහාන පොලීසිය සඳහන් කළේ එවැනි සිදුවීමක් පිළිබඳ තොරතුරු ලැබී ඇති බවය.


(under the courtesy of nethgossip.lk news web)
Marcadores:

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.