Sponsored

Sponsored

නවසීලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

feature-top


සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය අද ප්‍රකාශයට පත් කළා.  මීට පෙර එම තරගාවලියට එක්වන ක්‍රීඩකයින් 22 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ප්‍රකාශයට පත් කළ අතර ඉන් 15 දෙනෙකුගෙන් පළමු ටෙස්ට් තරගය සදහා මෙලෙස තෝරා ගෙන තිබෙනවා.

එම 15 දෙනා අතරට දිනේෂ් චන්දිමාල්, අකිල ධනංජය සහ ලසිත් ඇඹුල්දෙණියද ඇතුළත්. නායක දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්, ලහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා සහ නිරෝෂන් දික්වැල්ලද පළමු ටෙස්ට් තරගය සදහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්. ධනංජය ද සිල්වා, සුරංග ලක්මාල්, ලහිරු කුමාර, ඕෂද ප්‍රනාන්දු, ලක්‍ෂාන් සදකැන් සහ විශ්ව ප්‍රනාන්දු ද එම සංචිතයට ඇතුළත් සෙසු ක්‍රීඩකයන් වනවා.

ශ්‍රී ලංකා - නවසීලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 14 වනදා ගාල්ල ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතයි.


(under the courtesy of nethnews.lk news web)

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.