ඒ, මෙම පෙත්සම විනිසුරු සිසිර ද ආබෲ ප‍්‍රමුඛ ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අද කැදවු අවස්ථාවේදීයි. පෙත්සමට අදාළ අමතර ලේඛන ඉදිරිපත් කිරීමට ඉදිරියේ බලාපොරොත්තු වන බවයි වෛද්‍ය සාෆි වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ.
මෙම පෙත්සම සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව ද පෙත්සම්කරුගේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා.
වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි මේ වනවිට ඇප මත මුදාහැර සිටිනවා. පොලිසිය විසින් වෛද්‍ය සාෆි අත්අඩංගුවට ගැනීමට පදනම් කර ගෙන ඇති චෝදනා අසත්‍ය සහ පදනම් විරහිත බවයි ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ සදහන් කර ඇත්තේ.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ කුරුණෑගල පොලිස් ස්ථානාධිපතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා සහ වැඩබලන පොලිස්පතිවරයායි.
(under the courtesy of nethnews.lk news web)
Post a Comment