Sponsored

Sponsored

අකලට සුදු වෙන හිසකෙස් රැක ගන්න...

feature-top


වදමලින් සත්කාරයක්..

කාන්තාවක සතු පංච කල්‍යාණයෙන් කේෂ කල්‍යාණයට ලැබෙන්නේ ප්‍රධාන ස්ථානයක්. එසේ වන්නේ සුනිල්වන් කෙස් කලඹකින් ඔබේ හිසකෙස්වල පමණක් නොව වතේ සුන්දරත්වය ද ඉස්මතු වීම නිසයි.

එහෙත් අද බොහෝ දෙනකුට කෙස් කලඹ ආශි‍්‍රතව බොහෝ ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වේ.

ඉන් එක් ගැටලුවක් වන්නේ අකලට හිස කෙස් පැහීමයි, නැතිනම් සුදු වීමයි. කළු පැහැති කෙස් කලඹේ ඉදිරිපසින් හෝ තැනින් තැන සුදු පැහැ කෙස්ගස් මතු වීම කොතරම් රුවට හානියක්ද? කොතරම් සිත අසහනයට පත් කරවන්නක්දැයි එම අත්දැකීමට මුහුණ දුන් හා මුහුණ දෙන පිරිස් හොඳින්ම දන්නා කරුණකි.

කාන්තාවන් පමණක් නොවේ. අද වන විට පිරිමින්ට ද මෙම රුව ගැටලුව මානසික අසහනයක් වන තත්ත්වයට ම පත් වී ඇත. හොරෙන් හොරෙන් විසඳුම් සොයමින්

ළතැවෙන මේ ගැටලුව සඳහා බොහෝ දෙනා විසඳුම් සෙවීමට උත්සාහ දරන්නේ හිස කෙස්වලින් වැඩි ප්‍රමාණයක් සුදු වූ පසුවයි. මුලින්ම සුදු වුණ කෙස් කතුරෙන් කපා ඒවා සැඟවීමට උත්සාහ දරන අය ඒ සඳහා පිළියම් සෙවීමට වෙහෙසෙන්නේ කෙස්ගස් කැපීමෙන් මෙය සැඟවීමට නොහැකි වූ පසුවයි.

එහෙත් මුලින් ම සුදු කෙස් ගසක් දුටු විටම හිසකෙස් අකලට සුදු වීම වැළැක්වීමට කටයුතු යොදන්නේ නම් සුදු වූ හිසකෙස් සමඟින් පීඩාකාරී අනාගතයකට යාමට ඔබට සිදු නොවේවි.

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.