මරණ දඩුවම අහෝසි කිරීම සදහා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු පනත් කෙටුම්පතට පක්‍ෂව ගොණු කරන ලද විශේෂ
පෙත්සම් 3 ක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ අද (09)
තීරණය කළා. මෙම පෙත්සම් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට අධිකරණ බලයක් නොමැති
බවයි මූලික විරෝධතාවක් ගොණු කරමින් නීතිපතිවරයා පැවසුවේ. ශ්‍රේෂ්ඨාධිකරණය
අදාළ පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභා කළේ ඒ බව සැලකිල්ලට ගනිමිනුයි.
මරණ දඩුවම අහෝසි කිරීම සදහා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ බන්දුලාල් බණ්ඩාරිගොඩ මන්ත්‍රීවරයායි. ඉකුත් අගෝස්තු මස පළමු වනදා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.
පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් කෙරුණු මෙම කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බවත් ඒ අනුව එය පාර්ලිමේන්තුවේදී සරළ බහුතරයකින් පමණක් සම්මතවීම ප්‍රමාණවත් බවත් පවසමිනුයි ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අදාළ පෙත්සම් ගොණුකර තිබුණේ.
(under the courtesy of nethnews.lk news web)

Post a Comment