Sponsored

Sponsored

කටුනායක ගුවන් තොටුපල හරහා සිදුකරන මහා මිනිස් ජාවාරමක සුලමුල ඉරාන කාන්තාවකගෙන් හෙළිවේ

feature-top
ව්‍යාජ ජර්මානු ගුවන් ගමන් බලපත්‍රයක් භාවිතා කර ශ්‍රී ලංකාව හරහා නවසීලන්තයට යෑමට උත්සාහ කළ ඉරාන ජාතික කාන්තාවක් ඊයේ (02) දින කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන යළි ආපසු පිටුවහල් කර තිබෙනවා.

මෙම ඉරාන ජාතික කාන්තාව තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිට ඊයේ සවස 3.15 ට තුර්කි ගුවන් සේවයට අයත් TK - 730 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

ඉන්පසුව ගුවන් තොටුපළ ආගමන කවුළුව වෙත පැමිණි එම කාන්තාව මාර්ගස්ථ වීසා බලපත්‍රයක් ලබා ගෙන පැය කීපයක් ගුවන් තොටුපළ තුළ රැදී සිටීමෙන් පසුව නවසීලන්තය බලා ගමන් කිරීමට සැලසුම් කර තිබු බවයි අප කටුනායක ගුවන් තොටුපල වාර්තාකරු පැවසුවේ.

මෙම අවස්ථාවේ දී ගුවන් තොටුපළ එම ස්ථානයේ රාජකාරීයේ නියුතුව සිටි ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීවරයා වෙත ඇය ඉදිරිපත් කළ ජර්මානු ගුවන් ගමන් බලපත්‍රයෙහි තොරතුරු ආගමන විගමන දෙපාර්තමේන්තු තොරතුරු පද්ධතියට ඇතුළු කළ අවස්ථාවේදී එම ගුවන් ගමන් බලපත්‍රය ජාත්‍යන්තර පොලීසියෙහි දත්ත පද්ධතියෙහි ඇතුළත්ව ඇති එකක් බවට අනාවරණය කරගෙන තිබෙනවා.



ඉන්පසුව එම ආගමන විගමන නිලධාරීවරයා විසින් මෙම ගුවන් ගමන් බලපත්‍රය ප්‍රධාන ආගමන විගමන නිලධාරීවරයා වෙත යොමු කර එසැනින්ම කොළඹ පිහිටි ජාත්‍යන්තර පොලිස් තොරතුරු පද්ධති කාර්යාංශයෙන් ද මේ පිළිබඳව විමසීමක් සිදු කළ අතර එහිදී මෙම ගුවන් ගමන් බලපත්‍රය ජර්මානු ජාතික කාන්තාවකට අයත් එකක් බවත් එය විදෙස් රටකදී අස්ථානගත වී ඇති එකක් බවට තොරතුරු හෙළිවී ඇත.

මේ බව තහවුරු කර ගැනීමෙන් පසු කටුනායක ගුවන් තොටුපළ තුළ ක්‍රියාත්මක දේශ සීමා ආවේක්ෂණ ඒකකය වෙත ද මෙම ගුවන් ගමන් බලපත්‍රය යොමු කිරීමට පියවර ගෙන තිබු අතර එහිදී එම ඒකකයේ නිලධාරීන් විසින් සිදු කරන ලද තාක්ෂණික පරීක්ෂණ වලින් පසු එම ගුවන් ගමන් බලපත්‍රය මෙම ඉරාන ජාතික කාන්තාවට අයත් එකක් නොවන බවත් ජර්මානු ජාතික කාන්තාවකට අයත් එකක් බව සනාථ වී තිබෙනවා.

මෙම ගුවන් ගමන් බලපත්‍රයෙහි ඇතුළත් විද්‍යුත් දත්ත චිපය පරීක්ෂා කළ දේශ සීමා ආවේක්ෂණ නිලධාරීන් එය මෙම ඉරාන ජාතික කාන්තාවගේ රැව ඇතුළත් කර ව්‍යාජ ලෙස සකස් කරන ලද්දක් බව තහවුරු කර ගැනීමෙන් පසුව ඉරාන ජාතික කාන්තාව වැඩිදුර විමර්ශන කටයුතු සදහා යොමු කර තිබේ .

ඒ අතර මෙම ගුවන් ගමන් බලපත්‍රය හිමි ජර්මන් ජාතික කාන්තාව ඉකුත් 2016 වසරේ දී ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා පැමිණ ඇති බවට ආගමන විගමන දෙපාර්තමේන්තු තොරතුරු පද්ධතිය ඇසුරෙන් සිදු කරන ලද පරීක්ෂණ වල දී තොරතුරු අනාවරණය වි ඇති අතර පසුව මෙම ඉරාන ජාතික කාන්තාව ඇසුරෙන් සිදු කළ විමර්ශන වල දී මේ ආකාරයට ඉරාන ජාතිකයන් ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර යොදා ගෙන නවසීලන්තය වෙත සරණාගතයින් ලෙස රැගෙන යෑමේ මහා මිනිස් ජාවාරමක් අනාවරණය කර ගැනීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් සමත් වි ඇත.

මෙම ජාවාරමේ දී ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපළ මාර්ගස්ථ ගුවන් ගමන් හුවමාරු මධ්‍යස්ථානය ලෙස ඔවුන් භාවිතා කරන බවද ඒ අනුව මේ වනවිටත් දහස් ගණනක් පුද්ගලයින් කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ඉරාන ජාතික සරණාගතයින් ලෙස නවසීලන්තය වෙත ගොස් ඇති බවත්
ඔවුන්ගෙන් වැඩි පිරිසකට මේ වනවිට එරට පුරවැසිභාවය ද  හිමි වී ඇති බවත් අනාවරණය වි ඇත.

මෙම විමර්ශන වලින් පසුව මෙම ඉරාන ජාතික කාන්තාව කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි තුර්කි ගුවන් සේවයට අයත් ගුවන් යානයෙන්ම ආපසු තුර්කියේ ඉස්තාන්බුල් නුවර වෙත ආපසු පිටුවහල් කිරීමට ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීහු පියවර ගත් බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කලේ.
(under the courtesy of nethnews.lk news web)

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.