Sponsored

Sponsored

රනිල්ගේ උගුල තිතට වැඩ කරයි.. සන්ධානයට පෙර අපේක්‍ෂක නම් කලොත් සෙසු පක්‍ෂ ස්වාධීන වෙන බව කියයි…

feature-top


එක්සත් ජාතික පක්ෂයට තනිව ජනාධිපතිවරුන්ට ඉදිරිපත් වී ජයග්‍රහණය කළ හැකි නම් ඔවුන් විසින් ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් වීම ප්‍රශ්නයක් නැති බව ඇමති චම්පික රණවක මහතා සඳහන් කරයි.

එසේ නැතිව පොදු සන්ධානයකින් යටතේ ජනාධිපතිවරනයට ඉදිරිපත් වී ජය ගැනීමට අදහස් කරන්නේ නම් මුලින් ජනාධිපති අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂය විසින් නම් කිරීමට විරෝධය පළ කරන බව ද ඔහු පවසයි.

එසේ නම් කළ යුත්තේ සංධානයකින් පසු එහි සිදුකරන විධිමත් සාකච්ඡාවකින් අනතුරුව ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම බවද ඔහු සඳහන් කළේය.

ජේ.ආර්. ජයවර්ධන මහතා ජය ගැනීමෙන් පසු කිසිදු අවස්ථාවක එක්සත් ජාතික පක්ෂය තනිව ජනාධිපතිවරණයක් ජය ගෙන නැති බවද ඔහු පෙන්වා දෙයි.

යම් ලෙසකින් පොදු සන්ධානය ඇති කිරීමට පෙර ජනාධිපති අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂය විසින් නම් කළහොත් තමන් ඇතුළු සෙසු පක්ෂ වලට වෙනත් ස්වාධීන ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවන බව ද ඔහු අවධාරණය කරයි.
(under the courtesy of lankacnews.com news web)

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.