එමෙන්ම කිසිම හේතුවක් නිසා මෙම විශ්වවිද්‍යාලය රජයට නොපවරාගන්නා බවත්, රජය සමග සහයෝගයෙන් විශ්වවිද්‍යාලය පවත්වාගෙන යාමට කටයුතු කරන බවත් හිස්බුල්ලා මහතා සඳහන් කළේය.
තමන් බලයට පැමිණියහොත් මෙම විශ්වවිද්‍යාලය රජයට පවරාගැනීමට කටයුතු කරන බව මහින්ද රාජපක්ෂ මහතා, රනිල් වික්‍රමසිංහ මහතා සහ මෛත්‍රීපාල සිරිසේන මහතා දේශපාලන වේදිකාවේ ප්‍රකාශ කරනු ඇතැයිද, කෙසේවෙතත් හදිසි නීතිය යටතේ හෝ රජයට පවරා ගැනීමට නෛතික පදනමක් නැතැයිද හිස්බුල්ලා මහතා ප්‍රකාශ කළේය.
මෙම විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා, අධ්‍යාපන
අධ්‍යක්ෂකවරයා, තොරතුරු තාක්ෂණ අංශයේ ප්‍රධානියා ඇතුළු ප්‍රධාන පෙළේ තනතුරු
රැසක් මෙතෙක් කල් දැරුවේ සිංහල බෞද්ධයන් බව කී හිටපු ආණ්ඩුකාරවරයා මෙය
මුස්ලිම් ජාතිකයන්ට පමණක් ඉදිකරන විශ්වවිද්‍යාලයක් බවට පැතිර යන කතාවල
කිසිදු සත්‍යතාවක් නැතැයිද සඳහන් කළේය.
මෙම විශ්වවිද්‍යාලය මුස්ලිම් ජාතිකයන්ට පමණක් විවෘත කිරීමට හෝ ශරියා නීතිය ඉගැන්වීමට ඉදිකරන්නේ නම් කාන්තන්කුඩියේ පල්ලියක් ළඟ ඉදිකිරීමට හැකියාව තිබූ බව කී ආණ්ඩුකාරවරයා මෙය මඩකලපුවේ ඉදිකරනු ලබන්නේ ඕනෑම ජාතිකයකුට මෙහි අධ්‍යාපනය ලැබීමට හැකිවන ආකාරයෙන් බවද සඳහන් කළේය.
(under the courtesy of nethgossip.lk news web)

Post a Comment