Sponsored

Sponsored

රුසියානු විපක්ෂ නායිකාව පොලිස් භාරයට




රුසියාවේ විපක්ෂ නායිකා ලයිබෝව් සෝබෝල් එරට පොලීසිය විසින් රැඳවුම් භාරයට ගෙන තිබෙනවා. ඒ, ඇගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ අනවසර මහජන විරෝධතාවකට එක්වීම සඳහා මොස්කව් අගනුවරට පැමිණෙමින් සිටියදීයි. කුලීරථ රියකින් මොස්කව් වෙත පැමිණි ලයිබෝව් සෝබෝල් විරෝධතාකරුවන් සමග එක්වීම සඳහා රථයෙන් පිටතට පැමිණි විට පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පැමිණ ඇයව එම කුලී රථයෙන් පිටතට රැගෙන ගොස් තිබෙනවා.
පසුව එම ස්ථානයේ නවතා තිබූ කළු පැහැති වෑන් රථයක් තුළට රුසියානු විපක්ෂ නායිකාව නංවා ගත් එම පොලිස් නිලධාරීන් පිරිස වේගයෙන් පිටව ගිය ගොස් ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ.
රජයේ දැඩි විරෝධය මධ්‍යයේ පැවැත්වෙන මෙම මහජන විරෝධතාව සඳහා එළඹෙන පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් වීමට සුදුසුකම් නොලද විපක්ෂ අපේක්ෂකයින් රැසක් ද එක්ව සිටිනවා. ඔවුන් සියල්ලන්ම සුදුසුකම් නොලත් පුද්ගලයින් ලෙස ප්‍රකාශයට පත්කර ඇත්තේ රුසියානු බලධාරීන් විසින්. එය දේශපාලන අරමුණ මත සිදු කළ ක්‍රියාවක් බව පවසමින් මීට දින කිහිපයකට පෙරයි විපක්ෂ කණ්ඩායම් අගනුවර පුරා විරෝධතා ආරම්භ කළේ. විරෝධතාවන්හි යෙදුනු 1000 ක පමණ පිරිසක් මේවනවිටත් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම පිරිස අතර මාධ්‍යවේදීන් 33 දෙනෙකු ද සිටින බව සඳහන්.
ප්‍රබල පුටින් විරෝධියෙකු වන සිරගතව සිටින ඇලෙක්සි නාවල්නි ද පසුගියදා හදිසියේ රෝගාතුර වුණා. ශරීරයේ හටගත් ආසාත්මික තත්ත්වයක් හේතුවෙන් ඔහු රෝහල් ගත කළත් වෛද්‍යවරුන් රෝගයට නිශ්චිත හේතුවක් ප්‍රකාශ කර නොමැති බවයි විදෙස් වාර්තා පැවසුවේ. එහෙත්, නාවල්නි පැවසුවේ තමාට වස ලබා දී ඇති බව සිය පෞද්ගලික වෛද්‍යවරයා විසින් පැවසු බවයි.
 (under the courtesy of nethnews.lk news web)
Marcadores:

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.