Sponsored

Sponsored

ඔරියෝ ට්‍රෆල් බ්‍රවුනීස් හරිම රසවත්

feature-top
විවිධ රසයේ බ්‍රවුනීස් ඔබ රස විඳ ඇතුවාට සැක නැහැ. ඒත් තට්ටු කිහිපයකින්ම සමන්විත මේ ට්‍රෆල් ලේයර් බ්‍රවුනීස් නම් රස බලලා නැහැ නේද? එහෙමනම් හදලා බලන්නකෝ. කොයිතරම් රසවත් ද කියලා.

මේ සඳහා ඔබට ඔරියෝ බිස්කට් සහ ෆිලඩෙල්ෆියා ක්‍රීම් චීස් සොයා ගැනීමට නොහැකි වුවහොත් චොකලට් බිස්කට් සහ වෙනත් ක්‍රීම් චීස් වර්ගයක් භාවිත කරන්න.

අවශ්‍ය ද්‍රව්‍ය

බටර් කෝප්ප 01 ක්

සීනි කෝප්ප 02 ක්

බිත්තර 04 ක්

වැනිලා තේ හැඳි 01 ක්

කොකෝවා කෝප්ප 1/2 ක් (පැණි රස නැති)

පිටි කෝප්ප 1 1/3 ක්

ලුණු තේ හැඳි 1/2 ක්

ඔරියෝ ට්‍රෆල් ලේයර් සඳහා

ඔරියෝ බිස්කට් 15 - 20 ක් පමණ

ෆිලඩෙල්ෆියා ක්‍රීම් චීස් කප් 01 ක්

චොකලට් සිරප් පොඩි බෝතලයක්

සාදන ක්‍රමය

තරමක් ලොකු බෝල් එකක් ගෙන එය බටර් සහ සීනි එකතුකර හොඳින් බීට් කරගන්න. අනතුරුව බිත්තර ද එකතුකර බීට් කරන්න. සීනි, බිත්තර, බටර් හොඳින් බීට් වූ පසු එයට වැනිලා, ලුණු, කොකෝවා සහ පිටි ද එකතුකරන්න. නැවතත් බීට් කරන්න. (කේක්වලට වාගේ ගොඩාක් බීට් කරන්න එපා.)

දැන් හොඳින් බටර් තවරාගත් කේක් තැටියකට මේ මිශ්‍රණය දමා ෆැරන්හයිට් අංශක 350 උෂ්ණත්වයෙන් විනාඩි 20 - 25 ක් බේක් කරගන්න. පසුව ටූත් පික් එකක් ගසා එහි නොඇලෙන්නේ නම් පිටතට ගෙන නිවෙන්නට හරින්න.

දැන් අපි ඔරියෝ ට්‍රෆල් ලේයර් එක සාදමු. ඒ සඳහා පළමුව පොලිතීන් කවරයකට බිස්කට් ටික දමා කට ගැටගසන්න. අනතුරුව රෝලින් පින් එකක් ආධාරයෙන් බිස්කට් ටික කුඩුකරගන්න. ඔබ කැමැති ආකාරයට මේ බිස්කට් කෑලි හැපෙන ගානට හෝ හීනියට කුඩුකරගන්න. ඉන්පසුව එය පිරිසුදු බඳුනකට දමා ෆිලඩෙල්ෆියා ක්‍රීම් චීස් එකතුකර අතින් හොඳින් මිශ්‍ර කරගන්න. අනතුරුව මේ මිශ්‍රණය හොඳින් නිවුණු බ්‍රවුනීස් එක මත තවරා එයට උඩින් චොකලට් සිරප් දමන්න.

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.