Sponsored

Sponsored

මාරි බිස්කට් පුඩිං

feature-top
අවශ්‍ය ද්‍රව්‍ය

    ටිකිරි මාරි පැකට් දෙකයි
    ඇස්ට්‍රා හෝ බටර් 100
    අයිසින් සීනි 200
    චොකලට් පව්ඩර් මේස හැන්දක්
    බිස්කට් පොඟවන්න කිරි (පිටි කිරි)
    උඩින් ඉහගන්න කජු හෝ පළතුරු

සාදන ක්‍රමය

මුලින්ම බටර් අයිසින් එක හදාගන්න. අයිසින් සීනි, බටර්,චොකො පව්ඩර් මික්ස් කරල.බිස්කට් ටික කිරි වල පොඟවලා පුඩින් එක හදන බාජනයේ අඩියට අතුර ගන්න ලේයර් එකක්. ඒකට උඩින් අයිසින් ලේයර් එකක්. කජු ටික චූටියට කපල ටිකක් ඉහ ගන්න.උඩට අමතරව මැදත් කජු හැපෙද්දි රසයි.ඔහොම ඔහොම බිස්කට් ඉවර වෙනකම් දාගෙන අන්තිමටම උඩට අයිසින් ලේයර් එකක් දාල කජු ඉහල වැඩේ ඉවර කරන්න. ෆ්‍රීසර් එකේ දාන්න පැයක් දෙකක්.එච්චරයි.මතක තියගන්න බිස්කට් කිරිවල පොඟවලා ගනිද්දි කිරි ටික හොදට බේරලා ගන්න.නැත්නම් දිය ගතියක් එනවා..බිස්කට් පොඟවපු කිරි හදිසියේ ඉතුරු උනොත් වැඩක් කරන්න. කිරි ටික පෙරාගන්න .ඒකට තව අයිසින් සීනි ටිකක් දාලා චොකො පව්ඩර් දාලා රත් කරන්න. හොදට උකු වෙන්න ඕනේ හැබැයි.හොදටම නිව්නාම පුඩින් එක උඩින් වක් කර ගන්න.

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.