දින දෙකකට වරක් බනිස් ගෙඩියක් පමණක් ආහාරයට ගනිමින් සිය හාම්පුතා
ගෙන් ගුටි බැට ප්‍රහාරයන්ට ලක්වෙමින් වසර දෙකක කාලයක් කුවේටයේ ගෘහ සේවයේ
යෙදී සිටි කාන්තාවක් උඩ ඇඳුම් පමණක් ඇතිව ඊයේ (14) රාත්‍රියේ දී කටුනායක
ගුවන් තොටුපළ වෙත එවා ඇති බව අප වාර්තාකරු සඳහන් කළා. එම කාන්තාවට සිය සේවා
කාලය වූ වසර දෙක සඳහා වැටුප් ද ගෙවා නොමැති බව අනාවරණය වී තිබෙනවා.
ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 49 හැවිරිදි මාරිමුත්තු සුලෝචනාය නැමැති සිව් දරු මවක් වූ ඇය සිය දරුවන්ගේ විවාහ කටයුතු සිදු කිරීමට අවශ්‍ය මුදල් සොයා ගැනීමට මෙසේ ගෘහ සේවය සදහා ගොස් තිබෙනවා.
මීට වසර දෙකකට පමණ පෙර කුවේටයේ, සාරා ප්‍රාන්තයේ නිවෙසක ගෘහ සේවය සදහා ගොස් තිබුනා. ඇය සේවය කරනු ලැබුවේ එරට පාසලක ගුරුවරයෙකුගේ නිවසක වන අතර ඔහු සහ ඔහුගේ බිරිඳ විසින් ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවට ආහාරය සදහා දින දෙකකට වරක් බනිස් ගෙඩියක් පමණක් ලබා දුන් බවයි ඇය ප්‍රකාශ කර සිටින්නේ.
බඩගින්න ඉවසා සිටිය නොහැකි වූ තැන සිය නිවසේ හාම්පුතාගේ බිරිඳ ගෙන් ආහාරයට යමක් ඉල්ලූ විට ඇය ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවට තමන් පැළද සිටි සපත්තුවෙන් පහර දී ඇති අතර එම කාන්තාව විසින් එල්ල කරනු ලැබූ එම පා පහර වල් සුලෝචනාගේ සිරුර පුරා දක්නට ඇත.
සේවයට පැමිණ මාස තුනක් ගතවන තැන තමන් මුහුණ දී ඇති තත්ත්වය තවදුරටත් දරා ගත නොහැකිව මෙම ශ්‍රී ලාංකික ගෘහ සේවිකාව කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත පලා ගොස් ඇති අතර එහිදී මෙම නිවෙස හිමි කාන්තාව සහ ඇගේ ස්වාමිපුරුෂයා ඇය සොයා තානාපති කාර්යාලය වෙත පැමිණ තවදුරටත් පහර නොදෙන බවත් ඇයට හොදින් ආහාර ලබා දෙන බවත් පවසා යළිත් ඇයව ඔවුන්ගේ නිවෙස වෙත ඇය රැගෙන ගොස් තිබෙනවා.
එහිදී ඔවුන් සුලෝචනාට යළිත් පැන යාමට නොහැකි වනසේ කාමරයකට දමා වසා තබමින් වැඩ ගැනීම සිදු කර ඇති අතර දිනපතා ඇයට පහරදීම් සහ දින දෙකකට වරක් ආහාරයට බනිස් ගෙඩියක් පමණක් ලබා දීම දිගටම සිදු කර තිබේ.
සුලෝචනා සිය මාසික වැටුප පිළිබඳව විමසූ විට එම නිවෙස් හිමි කාන්තාව සිය අත මිට මොළවා පහර දී ඇති අතර සුලෝචනාගේ හිසෙහි තැනින් තැන කෙස් රොද වල් ද ගැලවී යනතුරුම ඇද දමා තිබේ.
අවසානයේදී වසර දෙකක සේවා කාලයෙන් අනතුරුව සුලෝචනා මාරිමුත්තු නම් කාන්තාව ඇය සේවය කළ නිවසේ හාම්පුතා විසින් කුවේට් හි සිට එමිරේට්ස් ගුවන් සේවයට අයත් EK -654 දරණ ගුවන් යානයෙන් යළි ලංකාවට ඒවා ඇත. කුවේට් හි ගුවන් තොටුපළේදී තමාගේ වසර දෙකක සේවා කාලය සඳහා වැටුප ගැන විමසුවිට ඔහු පවසා ඇත්තේ එම මුදල් ලංකාවට යවා ඇති බවයි.
පසුගිය වසර දෙකක කාළය තුළ සුලෝචනාට නිසි ආහාරයක් නොලැබී ඇති නිසා ඇයගේ සෞඛ්‍ය තත්ත්වය බලවත් ලෙස පිරිහී ඇති අතර ඩුබායි ගුවන් තොටුපළේ දී ඇය ක්ලාන්ත වී ඇද වැටී තිබේ.
ශ්‍රී ලංකාවට පැමිණි සුලෝචනා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මීගමුව මහ රෝහල වෙත වෛද්‍ය ප්‍රතිකාර සදහා ඇතුළත් කර ඇති බවයි අප ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කර සිටියේ.
(under the courtesy of nethnews.lk news web)

Post a Comment