
යෝජිත නව පෙරමුණ එළිදැක්වීම ලබන 5 වනදා සිදු කිරීමට නියමිතයි. ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසයටද එදිනට සහභාගි වන ලෙස ආරාධනා ලැබී ඇති බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර එච් එම් එම් හාරිස් නෙත් නිවුස් වෙත කියාසිටියේ. එම අවස්ථාවට සහභාගි වනවාද නැද්ද යන්න මුස්ලිම් කොංග‍්‍රසයේ නායක අමාත්‍ය රාවුෆ් හකීම් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවද ඔහු සදහන් කළා.
නව පෙරමුණේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මුස්ලිම් කොංග‍්‍රසයේ උත්තරීතර මණ්ඩලය රැස්වී තවදුරටත් සාකච්ඡා කළ යුතු බවයි රාවුෆ් හකීම් අමාත්‍යවරයා මෙහිදී සදහන් කර ඇත්තේ. මේ සම්බන්ධයෙන් සිය මන්තී‍්‍ර කණ්ඩායමද ඊයේ රාති‍්‍ර රැස්වී සාකච්ඡා කළ බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර එච් එම් එම් හාරිස් ප‍්‍රකාශ කළා. නව පෙරමුණේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ද මෙහිදි දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර එච් එම් එම් හාරිස් පැවසුවේ.
මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය ලබාදෙන්නේ කුමන පාර්ශවයකටද යන්න තීරණයක් ගැනීම සදහා අමාත්‍ය රිෂාඞ් බදියුදීන් නායකත්වය දරණ සමස්ත ලංකා මහජන කොංග‍්‍රසයද අද රාති‍්‍රයේ රැස්වීමට නියමිතව තිබෙනවා. කොළඹදී පැවැත්වෙන මෙම සාකච්ඡුාවට එම කොංග‍්‍රසයේ මන්තී‍්‍ර කණ්ඩායම සහභාගිවීමට නියමිතයි.
(under the courtesy of nethnews.lk news web)
Post a Comment