තමන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව ගැනීමේ කිසිදු උවමනාවක් නැති බව
අරක්කු බොන අපචාර කරන චීවරධාරීන් ද තමන් කිසිසේත්ම වදින්නේ නැති බව රාජ්‍ය
ඇමැති රංජන් රාමනායක මහතා සඳහන් කරයි.
භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් අගමැතිවරයා මුනගැසී කරුණු පැහැදිලි කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.
අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව ගන්නා ලෙස මේ වන තෙක් තමනට කිසිවෙකු දන්වා නැති බවත් එසේ සමාව ගන්නැයි මහා නායක හිමියන් හෝ සිල්වත් භික්ෂූන් වහන්සේලා විසින් ඉල්ලා සිටිය හොත් තමන් සමාව ගැනීමට සූදානම් බව පැවසීය.
තමන් සිල්වත් සංඝරත්නයට පසඟ පිහිටුවා වඳින සූදානම් නමුත් ගංජා ගහන, කුඩුගහන, පිටේ පච්ච තියෙන, අහිංසක පොඩි හාමුදුරුවරුන්ට ඒඩ්ස් බෝකරන, ගිනි පොලියට සල්ලි දෙන මුදලාලිලාගෙන් සමාව ගන්න සූදානම් නැතැයිද ඔහු සිය ෆේස්බුක් ගිණුමේ දක්වා ඇත.
(under the courtesy of lankacnews.com news web)

Post a Comment