Sponsored

Sponsored

නිරුවත් නොවී ඔබේ ස්වාමියා සොඳුරු එක්වීමකට පොළඹවාගන්නේ මෙහෙමයි

feature-top
දෙදෙනා අතර අඩපන වූ ආදරයට නව පණක් දෙන්නට කැමතිද? මේ විධියට පුළුවන් සැමියාව මොහොතකට දැහැන්ගත කරගන්න.
යුග දිවියේ නවතාවය ගිලිහී යත්ම, සියුම් අනුරාගයකින් එයට නව පණක් දීම ඔබ හිතන තරම් අමාරු කාරියක් නෙවෙයි. ඔබට අනුරාගික හැඟීම් පහළ වුවත් ඔබේ ස්වාමියා ඊට සුදානම් නැතිනම්, ඔහුට ඔබේ හැඟීම් පවසන්නට ඔබ පකිලෙනවා නම් පුංචි, අහිංසක ක්‍රියාකාරකම් තුළින් පුළුවන් ඔහුවත් ඊට පොළඹවා ගන්නට.  මේ තියෙන්නේ ප්‍රේමයේ ගිනිදැල් සීරුවෙන් අවුළුවාගත හැකි ක්‍රම කිහිපයක්.

1. අනුරාගික නිදි ඇඳුම් සහ යට ඇඳුම් මිලදී ගන්නට යන විට ඔහුත් කැටුව යන්න.
මෙම ඇඳුම් ඔහු ඉදිරියේ ඇඳ බලන්නට උවමනා නැහැ. දැකුම්කලු අනුරාගී ඇඳුමක් දෙකක් නිකන් අංග උඩින් තියා ඔහුත් සමග එහි හැඩ බැලුවත් ඇති. මෙම අත්දැකීම ඔහු කුල්මත් කරනවා මෙන්ම, ඔබේ දුරස්ථ බව අඩු කරන්නටත් උපකාර වනවා.

2. නිතර ඔහු සිපගන්න
කවුද අකමැති ආදරය ලබන්න. දවස පුරා හැකි හැම විටකම ඔහු සිපගන්න. ඔහුව පිරිමදින්න. ඔබට ඔහු කෙතරම් විශේෂදැයි, කෙතරම් අවශ්‍යදැයි නිතර ඒත්තු ගන්වන්න. නිවැරදි වෙලාවට ඔහු වෙත දෙන නිවැරදි ආදර පිරිමදිමකට ඇති ආකර්ශනීය බලය ගැන ඔබ නොදන්නවා විය හැකියි. ඉවසිල්ලෙන් සිටින්න. ඔහු නොදැනුවත්වම ඔබ වෙත ඇදී ඒවි.

3. නිවසේදී පවා දැකුම්කලුව, ප්‍රියමනාපව හැඩවී සිටින්න
ගෙතුළ සිටිනා විට පවා පිරිසිඳුව, සුවඳවත්ව, ප්‍රබෝධමත්ව හා ප්‍රියමනාපව සිටින්න. කවුද අකමැති එහෙම සුවන්දකට, ලස්සනකට ලං වන්න.

4. ඔහුට අනපේක්ෂිත ලෙස ප්‍රේමනීය කෙටි පණිවුඩ අරින්න
යුග දිවිය ගෙවී යත්ම ප්‍රේමය අඩපන වන්නට ඉඩ හරින්න එපා. ඔහුගේ ගුණ කියා අනපේක්ෂිත කෙටි පණිවුඩයක් අරින්න. ඔබ දඟ මල්ලක් නම් ඔහුට අනපේක්ෂිත පණිවුඩයක් යවා ‘අද ඔබට suprise එකක් ලැබෙනවා’ කියා ඔහු අවුස්සා තබන්න.

5. ඔහුට විශේෂත්වයෙන් සලකන්න
ස්වාමිපුරුෂයන් ඇතැම් විට දරුවන් වගෙයි. බොහොම කැමතියි ටිකක් විශේෂ කොට සලකනවා නම්. ඉතින් ඔබට පුළුවන් ඔහු කැමතිම කෑමක් හදන්න. නැත්නම් ඔහුට සම්භාහනයක් දෙන්න.

ඉතින් විවාහයේ අනුරාගයේ සම්පුර්ණ වගකීම ඔබ අතේ නූනත් ඔහු කෙතරම් වටිනවාද කියා නිතර ඔහුට මතක් කර දීමෙන්, ඔහුට නිතර ඔබේ ආදරය ප්‍රකාශ කිරීමෙන් ඔබට කිසිඳු අඩුපාඩුවක් වන්නේ නැහැ. වුනොත් වන්නේ ඔහු තව තවත් ඔබ හා ආදරයෙන් වෙලීම පමණයි.

(under the courtesy of hirutv.lk blog web)

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.