Sponsored

Sponsored

දුමක් ලෙස ඉරීමට නොව ඖෂධීය පානයක් ලෙස කංසා වගාවට සෞඛ්‍ය ඇමති රාජිත සූදානම්

යුර්වේද ඖෂධ නිෂ්පාදනය සදහා අවශ්‍ය කංසා වගා කිරිම සදහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත්, එය ඉදිරියේ දී සාකච්ඡාවට ගනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ
කළේ නාරාහේන්පිට රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ දී අද (13)  පෙරවරුවේ පැවැති පළාත් දේශීය වෛද්‍ය අමාත්‍ය සමුළුවට එක් වෙමිනි.
කැනඩාව, මහා බ්‍රිතාන්‍ය කංසා සදහා තිබූ තහනම මේ වන විට ඖෂධ නිෂ්පාදනය සදහා ඉවත් කර ඇත. ශ්‍රී ලංකාවේ ද කංසා තහනම් කර ඇති අතර,

එය දුමක් ලෙස ඉරීමෙන් ගැටලුවක් වන බවත්, ඖෂධීය පානයක් ලෙස භාවිත කිරීමෙන් ගැටලු ඇති නොවන බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
ඊශ්‍රාලයේ පැවැත්වෙන ජාත්‍යන්තර කංසා සමුළුවක් සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දේශීය වෛද්‍යවරුන් යොමු කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යවරයා සුදානම් වෙයි.  එම සමුළුවට සහභාගි වන වෛද්‍යවරුන් කංසා වගා කිරීම සහ අලෙවිය පිළිබද වාර්තාවක් ඉදිරිපත් කළ යුතු වෙයි.

තව ද කැනඩාව ඇතුලු රටවල් රැසක් පර්යේෂණ සිදු කරමින් කංසා මගින් ඖෂධ නිෂ්පාදනය කිරීම ආරම්භ කර ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. ආයුර්වේද ක්ෂේත්‍රය සදහා අවශ්‍ය රස බෙහෙත් නිෂ්පාදනයට කංසා, අබිං හිඟවීම ගැටලුවක් බව ආයුර්වේද වෛද්‍යවරුන් සෞඛ්‍ය අමාත්‍යවරයාට පෙන්වා දී ඇත. අනවසර ලෙස කංසා වගා කර ඇති බිම් වටලා පොලීසිය විසින් අත්පත් කර ගන්නා කංසා කඩිනමින් ආයුර්වේද ඖෂධ සංස්ථාවට ලබාගැනීමේ වැඩපිළිවෙළක් අධිකරණ අමාත්‍යාංශය සහ නීතිය හා සාමය පිළීබද අමාත්‍යාංශය සමග ඒකාබද්ධව සාකච්ඡා කර සකස් කිරීමට තමන් බලාපොරොත්තු වන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. රස බෙහෙත් නිෂ්පාදනය සදහා ප්‍රමිතියෙන් යුත් අළුත් කංසා අවශ්‍ය බව ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපති ලාල් සමරසිංහ මහතා මෙහිදී සදහන් කළේය.

 දිවයින පුරා පළාත්වල සිටින ආයුර්වේද වෛද්‍යවරුන් සදහා අවශ්‍ය කංසා දැනට ලබාදෙන්නේ ආයුර්වේද ඖෂධ සංස්ථාව මගිනි. මෙම කංසා ප්‍රවාහනය කිරීමේ දී සහ බෙදාහැරීමේ දී ගැටලු මතුවන බැවින් විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් ලබාදෙන ලදි.

Marcadores:

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.