
ඉන්ෆ්ලුවෙන්සාව අද ඩෙංගු තරමටම බිය උපදවන පොදු ලෙඩක් බවට
පත්ව ඇත. මෙම රෝ බිය ඉපදුණේ පසුගිය කාලය තුළ අපේ රටේ ඉන්ෆ්ලුවෙන්සා
වෛරසය දකුණු ලක ප්‍රමුඛ පළාත් කිහිපයකම ජන දිවිය අවුලකට පත් කළ
නිසාය. කලින් කලට තම මුහුණ වෙනස් කර ගන්නා ඉන්ෆ්ලුවෙන්සා වෛරසය තම
මුහුණුවර අමානුෂික මට්ටමකටම ගෙන එන්නේ මෙයට අවුරුදු 10කට 12කට
ඉස්සරය. විශේෂයෙන් ආසියානු රටවල් බිය ගන්වන අයුරින් ඉන්ෆ්ලුවෙන්සා
වෛරසය තම වේෂය මාරක ස්වරූපයට මාරු කිරීම වෛද්‍ය පර්යේෂකයන් පවා
අන්දමන්ද කරවන්නක් විය. මේ කාලයේ මේ ගැන පර්යේෂණ ඇස යොමු කළ ලෝ පුරා
වෛද්‍ය පර්යේෂකයන් අතුරින් වීරයා වන්නේ ශ්‍රී ලාංකිකයෙකි. ඒ හොංකොං
සරසවියේ වෛරසවේද පර්යේෂකයකු ලෙස සිටි මහාචාර්ය මලික් පීරිස්ය. ඒ
දිනවල ලෝකයම හෙල්ලූ ඉන්ෆ්ලුවෙන්සා වෛරසය සම්බන්ධයෙන් සහ කලක් ලෝකයම
බිය කළ සාර්ස් නැමැති ස්වසන රෝග වසංගතයට හේතු වන වෛරසය සොයා ගැනීම සහ ඒ
සම්බන්ධ වෛද්‍ය විද්‍යාත්මක ව වැදගත් අනාවරණයන් රැසක් ලෝකයට දුන්නේ
ඔහුය. මේ නිසාම TIME සඟරාව 2006 වසරේ දී ආසියාවේ වීරයකු ලෙස මහාචාර්ය
මලික් පීරිස් නම් කළේය. මේ අනාවරණය නිසා ඔහු ඒ මොහොතේ ලෝකයටම ඕනෑ වූ
පුද්ගලයකු බවට පත්ව සිටියේය.
දැනට හොංකොං
විශ්වවිද්‍යාලයයේ මහජන සේවා පර්යේෂණාගාර අංශයේ වෛරසවේද
පර්යේෂණාගාරයේ ප්‍රධානියා ලෙස මෙන්ම හොංකොං හි පිහිටා ඇති ලෝක සෞඛ්‍ය
සංවිධානයේ ඉන්ෆ්ලුවෙන්සාව පිළිබඳ පර්යේෂණායතනයේ අධ්යක්ෂවරයා
වන්නේද ඔහුය.
සිළුමිණ සමඟ කතා බහකට ඔහු අප
සම්බන්ධ කර ගත්තේ මේ දිනවල ඉන්ෆ්ලුවෙන්සාව පිලිබඳව රටම කතා කරමින්
සිටින මොහොතකය. අප ඔහු සම්බන්ධ කරගත් පසුගිය බ්‍රහස්පතින්දාම පළ වූ
ලෝ ප්‍රකට ද නේචර් සඟරාවේ අලුත්ම කලාපය මහාචාර්ය මලික් පීරිස් ආසියාවේ
දිදුළන තරුවක් බවට නම් කිරීමද විශේෂත්වයකි.
අපි අපේ කතා බහට ප්‍රවේශයක් ගත්තේ මහාචාර්ය මලික් පීරිස් ඉන්ෆ්ලුවෙන්සා වෛරසයට පවතින සබඳතාව ගැන යටගියාවෙනි.
මම
2000 දශකයේදී හොංකොං විශ්ව විද්‍යාලයයේ ඉන්ෆ්ලුවෙන්සා වෛරස පිළිබඳ
පර්යේෂණවලට යොමු වුණා. එහිදී විශේෂයෙන් මිනිසුන්ට සහ සතුන්ට වැලඳෙන
ඉන්ෆ්ලුවෙන්සා රෝග වෛරසය ගැන පර්යේෂණ කළා. එහිදී තමයි අපට වටහා ගන්නට
පුළුවන් වුණේ ඉන්ෆ්ලුවෙන්සාවේ නව ආකාර දැකිය හැකි බව. ඒ වගේම මේවායේ
සීඝ්‍ර වෙනස්වීමේ හැකියාව ගැනත් අපට නව තොරතුරු අනාවරණය කර ගැනීමට
හැකි වුණා. මෙම පර්යේෂණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කළාම ලෝකයේම මේ
තොරතුරු ගැන කතා බහට ලක් වුණා. එයට හේතුව මෙතෙක් හෙළි නොවූ වෛද්‍ය
විද්‍යාත්මක සහ සායනිකව වැදගත් වන තොරතුරු මෙයින් අනාවරණය වීම
නිසයි.
ඉන්ෆ්ලුවෙන්සා රෝගය පමණක් නොව ඊට පෙර
2003 වසරේදී පමණ ලෝකයේ ඇතැම් රටවල හිස එසවූ SARS ශ්වසන රෝග තත්ත්වය
සම්බන්ධයෙන්ද ලෝකයටම වැදගත් තීරණාත්මක සොයා ගැනීම් කළේ මහාචාර්ය
පීරිස්ය. ටයිම් සගරාව ආසියාවේ වීරයකු ලෙස ඔහු නම් කරන්නට මුල් වූයේද
මෙම පර්යේෂණය.
ඒ පිළිබඳව මහාචාර්යවරයා මෙසේ තම මතකය අවදි කරයි.
මම
හොකොංවලට ආවේ 1995 වසරේ. ඒ ඇවිත් මෙරට ක්වීන් මේරී රෝහලේ වෛරසවේද
පර්යේෂණාගාරය අපි ස්ථාපිත කළා. වැඩි කලක් යන්නට මත්තෙන් හොංකොංවලින්
H5N1 වෛරස වසංගතය ඉස්මතු වුණා. ලෝකය කුරුලු උණ ලෙසින් නම් කළේ මේ
වසංගතයයි. එතෙක් ලෝකයට නුහුරු නුපුරුදු රෝගකාරකයක් වුණු මේ වෛරසය
ගැන අපිට දිවා රෑ නැතිව වෙහෙසන්න වුණා. පර්යේෂණ කරන්න වුණා. මේ
වෙහෙසකර පර්යේෂණවලින් යම් නිදහසක් ලැබෙද්දී යළිත් සාර්ස් කියන
වසංගත රෝගය මතු වෙන්න ගත්තා. අපි නැවත පර්යේෂණාගාරවලට කොටුවෙලා මෙම
රෝගය ගැන සොයන්න බලන්න කටයුතු කළා. කොහොම නමුත් වාසනාවකට අපට එයින්
මෙම අලුත් රෝග කාරකය ගැන බොහෝ තොරතුරු ලෝකයට දෙන්නට හැකි වුණා. ටයිම්
සඟරාව ඇගයීමට ලක් කළේ මෙම පර්යේෂණයි. එතැන් පටන් දිගින් දිගටම සතුන්
තුළ පැවතී මිනිසුන් වෙත සංක්‍රමණය වන විවිධ වෛරස රෝග ගැන අප පර්යේෂණ
කරනවා.
ඔහුගේ වෘත්තීයමය ජීවිතයේ ස්වර්ණමය
අවධිය ලබන්නේ හොංකොං දේශයේදීය. එහෙත් එහෙත් ඔහු ලෝකය තුළ බැබළෙද්දී
නිතැතින්ම ඔහුගේ ශ්‍රී ලාංකිකත්වයද බැබළෙන්නට ගත්තේය. ඒ නිසාම අපි
ඔහුගේ ශ්‍රී ලාංකික අක්මුල් ගැන විමසුවෙමු.
ඔහු
ඉපදුණේ මහනුවරය. පාසල් ගියේ කටුගස්තොට ශාන්ත අන්තෝනි
විද්යාලයයටය. 1976 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ වෛද්‍ය පීඨයට
ඇතුළත් වූ ඔහු වෛද්‍ය විද්‍යාලයයෙන් පිට වෙන්නේ 1972දීය.
මම
මහනුවර ගත කළ ජීවිතය මගේ වෘත්තිය ජීවිතයේ සාර්ථකත්වට පාර කැපුවා.
විශේෂයෙන් මම ඉගෙන ගත් පාසල ශාන්ත අන්තෝනි විද්‍යාලයේ ගුරුවරුන්ගෙන්
ලද නිසි ගුරු හරුකම් සහ මඟ පෙන්වීම් මේ ගමනට පාදක වුණා. අපිට ඒ දවස්වල
උගන්වපු ගුරුවරුට විෂයානුගත දේවලින් පිට බොහෝ දේ ගැන කියා දෙන්න
අතදැකීම් ලබා දෙන්න වෙලාව තිබුණා. විශේෂයෙන් විෂය බාහිර දේවල්වලට අප
යොමු කළා. ඔවුන් අපට පාඩම් කරනවාට වඩා හිතන්න පුරුදු කළා. අලුත් අලුත් දේ
කරන්න පුරුදු කළා. මම හිතන්නේ ඇත්තටම අධ්‍යාපනයේදී වැඩිපුරම වෙන්න
ඕන ඒ ටිකයි. අපිට ඒ දේ නොඅඩුව ලැබුණු නිසා අපි සාර්ථක වුණා.
රෝබෝලා
සහ කෘත්‍රිම බුද්ධිය ගැන වැඩිපුරම යොමු වෙන වර්තමානයේ සඳහා
අනාගතයේදී අපේ අධ්‍යාපන රටාව හැඩ ගැසිය යුත්තේද තමන් 60 දශකයේ ලද
අධ්‍යාපන ආභාසයට අනුව බව මහාචාර්යවරයා තදින් විශ්වාස කරයි. එවැනි
පසුබිමක් තුළ ලෝකයට අලුත් දෙයක් දිය හැකි අලුත් පරපුරක් බිහි කර ගත
හැකි බව ඔහු පවසයි.
ඔහුගේ මේ මතකාවර්ජය තුළ
තවත් දේ දැන ගැනීමේ කුහුලක් අපට ඉපදිණ. මේ නිසාම අපි ඔහුගෙන් මේ පාසල්
ජීවිත අත්දැකීම් ගැන තවත් විමසීමු.
මට
වෛරසවේදය ගැන වැඩි උනන්දුවක් ඇති කළ සිදුවීමක් ගැන මතක් කරන්නම්. ඒ
මම වයස අවුරුදු 15දී . මට පොතක් ලැබුණා ලුවී පාශ්චර් ගැන. ඔහු ගැන ලෝකයම
දන්නවා.ලුවී පාශ්චර් ක්ෂුද්‍ර ජීවීන් ගැන ඔහු කළ සිත් ගන්නා සුළු පර්යේෂණ
ගැන මම මේ පොතින් කියවනකොට මට ඉබේම ඒ වගේ පර්යේෂකයකු වීමේ ආශාවක්
ඇති වුණා.
ගුරුවරුන් ගැන මතක් කරනවා නම් මම
එක් ගුරුවරයකු ගැන සඳහන් කරන්නම්. ඒ ප්‍රවීන විද්‍යා ප්‍රබන්ධ ලේඛක
එස්.එම් බන්දුසීල මහතා. ඔහු ඒ අවදියේ අපේ සත්ත්ව විද්‍යා ආචාර්යවරයා.
ඉගැන්වීම්වලින් අමතරව බොහෝ කාලයක් ඔහු අප සමඟ කතා බස් කරනවා. නමුත් ඒ
සත්ත්ව විද්‍යාව ගැන නෙවෙයි. ඔහු ආතර්.සී ක්ලාක් ගැන, සිග්මන් ෆ්‍රොයිඩ්
ගැන වගේම කාල් මාක්ස් ගැනත් අපිත් එක්ක කතා කළා. ආතර් සී ක්ලාක් මහතාගේ ලෝ
පතල විද්‍යා ප්‍රබන්ධ සියල්ලම පාහේ සිංහලයට නැඟුවේ ඔහුයි. තවමත් ඔහු
සමඟ මගේ සම්බන්ධය තිබෙනවා.ත මෑතකදීත් ලංකාවට ආවම මා ඔහු හමු වුණා.
අපිට ඔහුගෙන් මේ දිනවල ශ්‍රී ලංකාවට තර්ජනයක් ව ඇති ඉන්ෆ්ලුවෙන්සාව වෛරසය ගැන ද දැන් ගන්නට ඕනෑ විය.
ඉන්ෆ්ලුවෙන්සා
A වෛරසයේ උප ආකාර දෙකක් තිබෙනවා. එකක් H1N1 අනෙක H3N2 . මෙයට අමතරව
ඉන්ෆලුවෙන්සා බී වෛරසයකුත් තිබෙනවා. මෙම වෛරස ඕනෑම වෙලාවක වසංගත
ආකාරයෙන් පැතිරී යෑමේ ඉඩක් තිබෙනවා. මෙම වෛරසයේ පවතින තවත්
බරපතලකම බවන්නේ එක් එක් කාලෙට එහි පැවැත්ම වෙනස් වීම. සමහර වෛරස රෝග
එක වරක් ආසාදනය වුණාම කලයක් යන තුරු එම වෛරසයට ශරීරය ඔරොත්තු දෙන
ආකාරයට ප්‍රතිශක්තියක් ගොඩ නඟා ගත හැකි වුණත් වෛරසයේ මේ වෙනස් වීම
නිසා එසේ සිදුවෙන්නේ නෑ. පසුගිය දවස්වල ලංකාවේ ජනතාව පීඩාවට පත් වන
ආකාරයේ H1N1 පැතිරුණේ මේ වෛරසය ඉක්මනින් තම ස්වභාවය වෙනස් කර ගන්නා
සුවිහේෂී ලක්ෂණය නිසයි. මේ වසරේදීම ලංකාවේ පමණක් නොවෙයි මම ජීවත් වන
හොංකොංවලත් ඇමෙරිකාවටත් මෙම වෛරසය පැතිරී ගියා.
මහාචාර්යවරයා
පවසන්නේ ලෝකයේ මෙම රෝග වසංගතය පැතිරෙන සෑම අවස්ථාවකම පාහේ එය කලින්
හටගත් ස්වරූපයට වඩා වෙනස් වීම අභියෝගයක් බවයි.
සැබැවින්ම
ඉන්ෆ්ලුවෙන්සා වෛරසයේ H1N1 විශේෂ ආකාරය සොයා ගැනීමේ ප්‍රබලම
දායකත්වය දැක්වූ පුද්ගලයා වන්නේද මහාචාර්ය මලික් පීරිස්ය. ඔහුට මෙම
වෛරසය සමඟ පවතින පර්යේෂණාත්මක සමීපත්වය නිසාම අපි ඔහුගෙන් මෙම
වසංගතයකදී රටක් ලෙස අප කටයුතු කළ ආකාරය ගැනද විමසුවෙමු.
ඉන්ෆ්ලුවෙන්සාව
කියන්නේ කලබල විය යුතු ලෙඩක් වසංගතයක් නෙවෙයි. අද කාලයේ බොහෝ රටවල්
මේ වසංගතයට මුහුණ දෙනවා. අනෙක හැදෙන හැම වෛරස උණක්ම පසුපස
ඉන්ෆ්ලුවෙන්සාව නැහැ. සාමානයෙන් උගුරේ අමාරුව, නාසය බුරුල්වීම දැඩි
මාංස පේශී වේදනාව සමඟ තද උණ එනව නම් බොහෝ විට එය ඉන්ෆ්ලුවෙන්සාව විය
හැකියි. දැඩි උණක් නැතිව එන උතුරේ අමාරු හෝ නාසයේ බුරුල් වීම්
ඉන්ෆ්ලුවෙන්සා ලෙස වටහා ගැනීම වැරදියි. මෙම රෝගය සම්බන්ධයෙන් කටයුතු
කිරීමේදී අප දැන ගත යුතු තවත් දෙයක් තමයි, එය පහසුවෙන් පැතිරීමේ
හැකියාව. විශේෂයෙන් වැඩිහිටි නිවාස, ළදරු පාසල් දිවා සුරැකුම්
මධ්‍යස්ථාන වගේ තැන්වලදී මෙම රෝගය වේගයෙන් පැතිරෙන්න පුළුවන්. රෝගය
වඩාත් බරපතල වෙන්නේ කුඩාම දරුවන්ට, වැඩිහිටියන්ට සහ ගැබිනි
මව්වරුන්ට.වසංගත අවස්ථාවකදී ඔවුන් සම්බන්ධයෙන් කවුරුත් වැඩි
අවධානයක් දැක්විය යුතුයි.
උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි
Post a Comment